"අඩෝ ඒක පට්ට බන් " ශේන් අයියා කීවෙනිදෝ මන්දා වතාවට කිව්වා . උදේ යනවයි කියපු මනුස්සයා නේද මේ මට දීලා තිබුන ඇදට වෙල
වෙලා කැකිරි පලන්නෙ ."දැන් උබ සිය වතාවක් විතර බැලුවනේ . මෙහෙට දීපන් බල්ලො මටත් බලන්න "
සුදු අයියා පෝන් එක අරගෙන බලනකොට එයාගෙ අස්සෙ රිංගගෙන හිටපු මාත් ඇහැ දාලා බැලුවා .
ඔව් ඔව් ඊයෙ මධ්‍යම රාත්‍රියේ මන් කරපු වීරක්‍රියාව අපේ සේසානයගෙ කැමරා කාචයට අසු වෙලා .
අපි ඉතින් සුදූව සපාසිස් කරන්නනේ උන්නේ . ඒ හින්දා සේසාන්ට තමා විඩීයෝ කරන වැඩේ භාර දුන්නෙ . සුදූව කෙසේ වෙතත් මන් කට්ටියව සපාසිස් කරන එක නම් මෑන් ලෙසටම වීඩියෝ කරලා . මගෙයි සුදූගෙයි මූණු හෝදටම අහු වෙන්න .
මන් නිකන් සීයකට නෙලන්න වගේ ඇවිල්ලා සුදූගෙ කොලර් එකෙන් ඇදලා ගන්න හැටි ,
මන් ඇස් තදකරලා වහගෙන එයාගෙ තොල් උඩ , තොල් තද කරන හැටි ,
සුදු අයියා ඇස් දෙක පොල් ගෙඩි දෙකක් කරගෙන බය වෙලා මගෙ දිහා බලන හැටි ,
ඊට පස්සෙ මගේ ඔලුව පිටිපස්සෙන් අත තියලා මාව කිස් කරන්න පටන් ගන්න හැටි වගේම අන්තිමට ශේන් අයියා අර මගුල පුපුරන තැනට වෙනකන් හරි ලස්සනට තිබ්බා.
මට පොලොව පලාගෙන යන්න හිතුනා දෙයියනේ .
මන් හිතුවා හරි ලොකූ තමයි මගෙ ඔලුව ඉබලා තියෙන්නෙ .
"ම්හ්. අනේ සුදු අයියේ ඕක ඩිලීට්කරන්න කියන්නකෝ .."
මන් නිදිමත කටහඩින් කුරු කුරු ගෑවා . මන් ඇහැරුමේ අර සේනා ගෙ සද්දෙට . අපරාදෙ තව චුට්ටක් දොයිය ගන්නත් තිබ්බා .
"උඹට පිස්සුද චූටි බබා . මේක කොච්චර වටිනවද . මේ අයියේ මේක මට එවපන් ඈ "
සේසානයගෙ උත්තරයක් නම් මට ඇහුනේ නෑ වෙලහකට ඔලුව වනන්න ඇති . අනේ ඇත්තමයි දවසක අර ආර්‍යන් මුන්දව ගෙදරින් එලියට ඇදලා දායි මට ගොලුවෙක් එක්ක ජීවත් වෙන්න බෑයි කියලා . හොදවැඩේ ඔය මනුස්පයට මේ කරපු වැඩෙව්ට .
" මටෝන්නෑ ටවුසෙව . අනේ ..ලොකූ....."
"මොකද මේ ම්ම්... දගලන්න එපා චූටි මැනික අයියගෙ කකුලට වදී නෙ ම්ම් "
YOU ARE READING
නුඹ හා
Non-Fictionහුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන...