" ලොකු.. අපිට බනීද අයියේ"
" ඇයි දෙන්නා එක්කලා මොකද කරේ "
කුස්සියෙ දොර ලගින් ඇහුන ගැඹුරු හඩට අපි දෙන්නා ගැස්සුනා .." අඩෙ කෝ බන් මුන් දෙන්නා " ඒත් එකම එතන්ට ආපු අයියලාගෙ යාලුවො ටික දැකලා මායි සුදු අයියයි මූණට බලා ගත්තා.
" යන් කෑම ගෙනාවා " මායි සුදු අයියයි සද්ද නැතුව ප්ලේට් ටිකත් අරගෙන සාලෙට ගියා.
" උබලා කාපල්ලා මන් ශේශ් ව බලලා එන්නම්.ඔය දෙන්නටත් එක්ක කිව්වෙ ආ... " ලොකු අයියා කියලා උඩට ගියා.
"අද ඉදන් ශේශ් ඉන්නෙ මෙහෙ ටික දවසක් යනකන් .. යශුත් ඉන්න එකේ ඌට හොදයි නෙ " මිගාර අයියා කිව්වෙ අපි දෙන්නට .
ලොකු අයියා පහලට ආවේ . අපි කාලා ඉවර උනාටත් පස්සෙ .
ලොකු අයියා ශේශ් අයියා සුප් එක බොනකම් ම ඉදලා බෙහෙතුත් දීලා ඇවිත් තියෙන්නෙ.
"හරි බන් උබලා පරිස්සමට යමල්ලා ..තව ටිකෙන් ශෙනාල් එයි "
"මන් වොශ් එකක් දාන් එන්නම් පට ගාලා ...ශෙනාල් එයි පොඩ්ඩක් බලපන් සුදූ "
කියලා ලොකු අයියා උඩට ගියා.. අපි දෙන්නා ආවෙ එලියෙ තිබුන ගල් මේසෙට . මන් පොතක් කිවනකොට සුදු අයියා ගේම් ගහනවා .
" ලොකූ නම් නානවා ශෙනාල් ..ශෙශාන් අයියා නම් උඩ කාමරේ "
පොත කියෝ කියෝ උන්න මාව ගැස්සුනා . ඇහුනේ වත් නෑ ශෙනාල් අයියා ඇවිත්.
" ආ කමක් නෑ බන් ..අයියා එනකන් මෙතන ඉන්නම් "
" උඹට අද ක්ලාස් ද "
" නෑ බන් හෙට දවසම තියෙනවා. "
" ම්ම්ම් ම්ම්ම්..."
" චූටි සුදු ගිහින් වොශ් දා ගන්න තවත් රෑ වෙනකන් ඉන්නෙ නැතුව.. අන්න මගෙ බෑග් එකේ චොක්ලට් එකක් ඇති චූටි ගන්න "
" යාහ් චූටිට විතරද "
" තමුසෙ පොඩි එකෙක් ද .."
සුදු අයියා ගස්සගෙන කාමරේට ගියා මාත් ඒ පස්සෙන්ම ගියා.
" ඔයා හෝදන් එන්න චූටී "
අයියා අයෙමත් ගේම් ගහනකොට මන් බාතෲම් එකට ගියා..
මන් හෝදන් ආපුවම අයියා ගිය නිසා. මන් ටිකක් වෙලා ඉදලා එයා ඇවිත් ඇදුම් අදිනකොට ඔහොම්ම පහලට ගියේ එකොලහත් වෙන්න ඇවිල්ලත් ලොකු අයියා තාම උඩට ආවේ නැති නිසා...
YOU ARE READING
නුඹ හා
Non-Fictionහුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන...