16

2.6K 342 33
                                    

හැමදාම කඩෙන් කන්න බෑනේ අනික ගෙදරට බඩුත් ගෙනල්ලා තියෙද්දි.

ලොකු අයියා සුදු අයියව ඔෆිස් දාන්න ගියා. ශේශ් අයියා නම් තාම නැගිටල නැද්ද කොහෙද

තාම වෙලාව අටයි . සුදු අයියලට ලන්ච් ටයිම් දොලහා මාරට ඊට කලින් ඉවර කර ගන්න පුලුවන් වෙයි.

මොනාද හදන්නේ... මීට් බෝල්ස් පැකට් එකකුත් තියෙනවා නේ..මට මතකයි අපෙ අම්මා ඒවා හදන විදිය නම් ඒක නිසා ඒක ශේප් එකේ හදා ගත්තෑකි. පරිප්පුව නම් හොදටම පුලුවන්නෙ ඒ නිසා පරිප්පුත් හදමු . තව මොනාද පපඩනුත් ලේසි නේ එකයි තව ගොටු කොල සම්බෝලෙකුයි හදමු.

මන් පොල් ගාන්න පටන් ගත්තා ඔක්කොටම කලින් මේක තමයි ඉතින් හොද පන යන වැඩේ.

පස්සෙ මීට් බෝල්ස් ටික අරගෙන සෝදලා ලූනූ මිරිස් දාඅලා බැදෙන්න ඇරියා .. ටිකක් බැදීගෙන එනකොට සුදුලූනු කරපිචත් දාලා ලුනුයි මිරිස් කුඩුයි ගම්මිරිසුයි දාලා කිරි දැම්මා... ඒකෙ හොද්ද ටිකක් හිදෙන්න වහලා තියලා මන් පරිප්පු සේදුවා  .

" good morning  අයියෙ " කුස්සියට ආව ශේශාන් අයියට මන් කිව්වා ...මන් දැන් දැන් ටිකක් කතා බහ කරලා ඉන්නවා. මොකද ලොකු අයියා මගෙන් උදව්වක් ඉල්ලුවනේ . එයා කිව්වා ශේශාන් අයියගෙ ට්‍රීට්මන්ස් වලට උදව්වක් විදියට හැම නිතරම එයත් එක්ක කතා කරන්න කියලා . ශේශාන් අයියා මොකුත් කිව්වත් නැතත් එයා එක්ක කතා කරන්න කිව්වා. හැබැයි මන් දන්නවා එයා මගේ කුලෑටි ගතිය නැති කරන්නත් එක්ක තමයි එහෙම කරේ කියලා.

මට ඩිප්‍රෙශන් නොහැදුනාට බැරි වෙලාවත් ලොකු අයියලා මේ කාලෙ වෙද්දි මන් ලගට නාවා නම් මෙලහකට මාටත් බේත් අහුරු පිටින් ගිලින්න වෙලා.

ඒ දෙන්නා හැම තිස්සෙම මන් එක්ක කතා කරා .හැමදාම වැඩට ගිහින් ඇවිත් එයාලට කොච්චර මහන්සි උනත් මට නින්ද යනකන් මගෙ දවසෙ වෙච්ච දේවල් එයාලගෙ දේවල් මා එක්ක කතා කරනවා. මන් කල්පනා කරන එක අඩු කරන්න මන් තනි වෙලා නෑ කියලා ඒත්තු ගන්නන්න මට නොදැනෙන්න වැඩ කලා.ඉතින් ශේශාන් අයියට ට්‍රීට් කරන්න උදව් කරන්න කියපු එකත් මන් දන්නවා ඒකෙම කොටසක් කියලා .

නුඹ හා Where stories live. Discover now