10

2.7K 340 26
                                    

"මොකද්ද බන් ඒ සුවද " කිචන් එකේ දොර ලගින් ඇහුන සුදු අයියගෙ සද්දෙට මාව ගැස්සුනා .

මට පොඩි ලැජ්ජාවක් දැනුනා හොර වැඩක් කරලා අහු වුනා වගෙ.

" කොහෙන්ද චූටි මේ කෑම කව්ද ගෙනත් දුන්නේ " ලොකු අයියා ඇහි බැමත් අකුලන් ඇහුවා.

" ම් මේ.. මම හැදුවෙ ල් ලොකූ "
මට දැනුනේ පාපොච්චාරනයක් කරනවා වගේ හැගීමක් . උයා ගන්ඩ වත් මෙච්චර අමාරු උනේ නැද්ද කොහෙද .

" මොකාක්  !! තමුසෙ උයන්න දන්නවද "  සුදු අයියා ඇහුවා .

" එහෙම ලොකූවට  දන්නෙ නෑ සුදු අයියේ ..  අම්මා උයනවා දැකලා තියෙනවා . මන් ඉතින්පුලුවන් හැටියට හැදුවා "

" අයියලාට කන්න බෑ වගේ නම් මොනා හරි ඕඩර් කරමු "

මට නිකන් දැනුනේ ඕනේ නැති වැඩක් කරෙ වගේ .

" පිස්සුද දරුවෝ කෝ ඔයත් ඉදගන්න අපි කමු " ලොකු අයියා සුදු අයියවත් ඇදගෙන වාඩි වුනා .එයාල දෙන්නට බෙදාගන දීසියෙන් දීසිය ලන් කරා අවසානෙට අන්තිම මොහොතෙ දෙහි කලවන් කරපු බටු සලාදේ අම්මා නිසා ජාමේ බේර ගත්තා .

ඒ දෙන්නා පලවෙනි කට කනකන් මන් බලන් හිටියෙ සීතල වෙලා . පලවෙනි කට කිසි හැගීමක් නැතිව හපලා ගිල්ලා .

"අ..ඇයි ලොකු අයියෙ කන්න බැරිද අයියෙ "

ලොකු අයියා බැලුවේ සුදු අයියා දිහා ..

" ඇයි බන් අපි මෙච්චර දවස් කඩෙන් කෑවෙ " මගෙ දිහා බලපු සුදු අයියා ඇහුවා .

"ඇ..ඈ.." කියපු එක මට තේරුනේ නෑ

"මෙච්චර හොදට උයන්න පුලුවන් එකෙක් ගෙදරම ඉන්න කොට ඇයි යකෝ කඩෙන් කෑවේ කියලා අහන්නෙ " සුදු අයියා සැරෙන් කිව්වා.

" ඒ කියන්නෙ අව්ලක් නැද්ද "

" අනේ බූරු පැටියෝ රසයි කියලා කියන්නෙ යකෝ " සුදු අයියගේ වචන එක්ක නම් මට හිනා වක් ආවා . ලොකු නම් චූටි හිනා වක් විතරක් දීලා 

" ඔයා කන්නෙ නැද්ද " කියලා ඇහුවා  .

" මට බඩගිනි නෑ අයියේ ඔයාලා කන්න " 

දෙන්නම දෙවනි පාරටත් බෙදාගෙන කාලා නැගිට්ටම මන් අපි තුන් දෙනාටම අයිස්ක්‍රීම් කප් තුනකට දාන් ආවා .

නුඹ හා Where stories live. Discover now