11

2.8K 372 37
                                    

නුබ හා
සුදු අයිය කෑම සාලේ ඉදගෙන ලැප් එක දිග ඇරගෙන වැඩ වෙනකොට දවල් එක දෙක වෙනකොට ගෙදර එනවා කියපු ලොකු අයියාගෙ සලකුනක් වත් හතර වෙනකටත් තිබුනේ නෑ .

දොර පඩිය උඩ වාඩි වුන මම ඔන්න වහී මෙන්න වහීවගේ කඩාවැටෙන්න බලාගෙන හිටපු නුවර අහස යටට වෙලා අලුත් සාමාජිකයා දිහා බලාගෙන උන්නා.

බෝලයක් එක්ක හරි හරියට ඔට්ටු වෙන අලුත් සාමාජිකයා නිසා මට මහා වරද කාරී හැගීමක් දැනුනා . මට බීනුව මතක් උනා . ගෙනාපුම දවස් වල හුරතල් බෝල ගෙඩිය වගේ හිටපු කුක්කටත් එක තැන් ඉන්න බැරි විදියේ පුදුමාකාර විසයක් තිබුනා . කුරුම්බැටියක් කටේ ගහගෙන චුට්ටකට නැති වලිගෙත් වන වන මට අද වගේ මතකයි . හැමදාල හැන්දෑවට පොල්ලෙල්ලක් පොල්කට්ටක් එක්කලා සෙල්ලම් කරන එක පුරුද්දකට ගියා. පස්සෙ අම්මට බලා ගන්න බෑයි කියලා අම්මගෙ යාලුවෙක්ට දීලා සාන්කාවටම ඌ නොකා නොබී හිටියා . මාත් ඔහේ ඉන්නම් වාලේ උන්නා. බැරිම තැන ආපහූ ඌ මා ලගට ආපු දවසේ අපි දෙන්නා ගේ පෙරල පෙරල සෙල්ලම් කරා . එතකොට මන් ඕලෙවල් කාලෙත් එක්කම ඌ වගේම මාත් ලොකු උනා වගේම ඒලෙවල් සහ ජීවිතේට එකතු උන අලුත් බැදීම් නිසා මටත් නොදැනිම මගෙ අහින්සකයාව මට මගෑරුනා . ඒ ලෙවල් ඉවර වෙනකොට මුලු දවසම ගෙදරට වෙලා උන්නට ඒ වෙනකොට මගේ හැගීම් කියන දේත් මැරිලා ගිහින් තිබුනා . එක බැදීමක් නිසා බැදීම් කිහිපයක්ම මට මග හැරුනා වගේම බිදීමත් එක්කම මට අමතක උනා මන් ඇරෙන්න තවත් හුස්ම ගන්න පණ ගැහෙන හදවත් මගේ වටේ තිබුනා කියලා . අන්තිමට උනේ මගෙ වැරැද්දෙන් ගෙදර හිටපු බල්ලගෙ පවා හැගීම් මැරිලා ගියපු එක . මටත් නොදැනිම මාත් එක්කම ඌත් මැරුනා . මට තේරුනකොට පරක්කු වැඩි උනත් තේරුම් ගියත් මට මගේ වැරැද්ද හදාගන්න තරම් වත් ඕනේ කමක් දැනුනේ නෑ. අන්තිමට ඌ  කතා කරත් ඔලුව උස්සලා බලන් නැති හුරතලෙක් උනා . ඉතින් මන් කොහොමද එච්චර ලොකු වරදක් කරලා මොකුත් නොවුන ගානට හැමදේම අමතක කරලා අලුත් සාමාජිකයව හුරට්ගල් කරන්නෙ . ආයෙත් දවසක් ආවොත් සතෙක් උනත් එයාගෙත් හැගීම් මන් නිසාම මැරිල යන මගෙ පව්කාර කමට මොකටද මේ අහිංසක සත්තු දුක් විදින්නේ .

නුඹ හා Where stories live. Discover now