දවස් තුනක් ගෙවිලා ගියා . ශේශාන් අයියා අපේ ගෙදරට ඇවිත් එයා එයාගෙ පාඩුවෙ උන්නා . බලහත් කාරෙන් ගිහින් කතා කරොත් මිසක් මොනා හරි ඇහුවොත් මිසක් ඇරෙන්න වචනයක් වත් නාස්ති කරන්න කැමති නෑ වගේ එයා කාමරේටම වෙලා හිටියා.
අද හා හා පුර කියලා සුදු අයියා ජොබ් එකට යන පල වෙනි දවස . පුලුවන් හැටියට උදේම නැගිටලා මන් කිරි බතක් හැදුවේ යූ ටියුබ් එකට පින් සිද්ද වෙන්න . ඊයෙ රෑ ගෙනාපු චිකන් කරි එකයි . මන් හදපු ලුණු මිරිසයි එක්කලා කිරි බත් මේසෙට ඇරියා.
" දගලන්නෙ නැතුව ඉන්නව සුදු මහත්තයා " මන් යනකොට ලොකූ සුදූගෙ ටයි එක ගැට ගහනවා . "
පෝන් එක ඇදලා අරගෙන මන් හොරාවට පොටො එකක් ගැහුවේ ලොකු අයියා ටයි එක ගැට ගහන අතරෙ සුදු අයියා ලොකූ දිහා බලාගෙන බාවනා කරනවා මගෙ පෝන් එක උඩ සටහන් වෙද්දි.
සුදු ශේශ් අයියා වගේම උදේ පාන්දරම ආපු ශෙනාල් අයියත් කෑම මේසේ වාඩි වෙලා හිටියා.
" චූටී "
කුස්සියෙ ඉදන් ලොකු මට කතා කරනකොට උත්තර බදින්න මහන්සි නොවුන මම කුස්සියට ගියා.
කට්ටියම කාලා සුදු අයියට සුබ පතලා එලියට යන්න හදනකොටම ලොකු අයියා මා දිහා බැලුවම මන් හිනා වෙලා කුස්සියට ගියා.
" චූටිහ් !! " මල් දාපු වතුර වීදුරුවකුත් අරගෙන පිටි පස්ස දොරෙන් ගිහින් සුදු අයියා ඉස්සරහට ගියපු මාව දැකලා සුදු අයියා නම් පුදුම වෙලා .
" කෝ කෝ මේකෙන් චුට්ටක් බොන්න "
මන් ගාව තියන හොදම හිනාව දාන ගමන් මන් කිව්වා.අම්මෙක් ගෙ අතින් වෙන්න ඕනේ දෙයක් මගෙ අතින් වෙනකොට සුදු අයියගෙ ඇස් වල තුනී කදුලු පටලයක් බැදිලා තිබ්බා.
" අදහස නම් සුදු අයියෙ ලොකූගේ " මන් කිව්වම ලොකූ ගාවට ගිහින් සුදු අයියා තුරුල් උනේ මාවත් ලගට ඇදගෙන .
අපි එක පවුලක් , ඒ උණුසුම මට දැනෙන්න දුන්නෙ ඒක..
එයාලා ගියෙ මාව ශේශ් අයියට බලා ගන්න කියලා . ඊට වඩා හොද නැද්ද ලොකු අයියා මට කිව්වා නම් ශේශ් අයියව බලා ගන්න කියලා .
YOU ARE READING
නුඹ හා
Non-Fictionහුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන...