" ඔයා තාම මෙතනද ළමයො මන් හැම තැනම හෙව්වා "
එකපාර හෑන්ඩ් ප්රී එකක් ඇදිලා ගිහින් ඒ අස්සෙ මට ලොකු අයියගෙ කට හඩ ඇහුනා වෙනකොට මන් ඇස් ඇරලා බැලුවා .
"ම්ම් ..සිංදු අහනකොට වෙලාව යනවා දැනුනේ නෑ ලොකූ "
"හ්ම්ම් ඔයා සුදු අයියා එක්ක ඉන්නවද චූටි . මන් ටවුන් එකට පොඩ්ඩක් ගිහින් එන්නම් "
"කෝ ලොකූ සුදු අයියා "
"එයා නිදි . ඊයෙ මුලු රෑමත් ඔෆිස් එකේ වැඩ වගයක් කරා . ඔයත් ගෙට වෙලා දොරවල් වහගෙන ඉන්නකො මන් ඉක්මට එන්නම් "
රෑ වැඩ කරපු හින්දද නැත්තම් උදේ පාන්දර වැඩ අල්ලපු හින්දද දන්නෙ නෑ . මන් ඉතින් යන්න ආපු හිනාව කාගෙන යටි තොල හපා ගත්තේ රතු වුණත් පේන්නෙ නැති එකට හිතින් පින් දිදී .
"හා ලොකූ "
"ඔයාට මොනා හරි ගේන්න ඕනෙද "
"නෑ "
"හ්ම් පරිස්සමට ඉන්න " මගෙ ඔලුවත් අත ගාලා හාදුවකුත් දීලා ලොකූ යනන් ගියහම මන් ගිහින් කාමරේට බෙල්ල දාලා බැලුවා .
සුදූ රෙද්දකුත් පෙරෝගෙනම නිදි . මන් ඉතින් එයාව ඇහැරෙන්නෙ නැති වෙන්න වොශ් එකක් දාගෙන ආයෙමත් ලොකුගේ t ශර්ට් එකකට මගේ ශෝට් එකක් දාගෙන කිචන් එකට ගියේ දවල්ට කන්න හදන්න . අපි එහෙමයි ගැලපෙන්න අදින්නෙ . මගේ යට කෑලි වලට ඒ දෙන්නගෙ උඩ කෑල්ලක් හොයා ගන්නවා හොදට මැච් වෙනවා අනික මගෙ ඇගටත් පහසුයි . අද ඇන්ද එකේ නම් මගෙ ටී එක තිබ්බත් මන් ලොකූ ගෙ එක අරගෙන දා ගත්තා .
මොනාද ද හදන්නෙ .. මන් කල්පනා කර කර ෆ්රිජ් එක ඇදලා බැලුවේ මොනාද තියෙන්නෙ කියලා .
YOU ARE READING
නුඹ හා
Non-Fictionහුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන...