අහේතුකවම මගේ ඇස් මටත් නොදැනිම දුවන්නේ ඒ රූපේ පස්සෙ . එයා ගාවට එන යන හැම කෙනෙක් එක්කම හිනා වෙලා කතා කරාට ඇත්තටම මට නම් පෙනුනේ අන්තිම කටු තුනට බැටරි ලෝ වුණ බෝනික්කෙක් වගේ . අර පෝන් එකේ බැරරි ලෝ උනාම රතු පාටින් සීයට තුනයි කියලා පේන්නේ . අන්න ඒක නිකන් ශේශාන් අයියගෙ නලලෙ ගහලා වගෙ .
මන් උන්න තැනින් නැගිටලා ඉස්සරහට ඇවිදගෙන ගියා .
" චූටි ඔය කොහෙද යන්නෙ " ලොකු අයියගෙ හඩ ඇහුනත් මම නතර නොවී සෙනග අස්සෙන් ඇවිදගෙන ගියා .
එතන පනහකට ආසන්න පිරිසක් පාර්ටි එකට ඇවිත් තිබ්බා . අයියගෙ බිස්නස් පාර්ට්නස්ලා එයාලගෙ අම්මගෙ තාත්තගෙ යාලුවෝ .
ශේශන් හිටියේ ඉස්සරහම කේක් කපන්න හදලා තිබුන තැන .
' චටස්'
එක එල්ලෙම ශේශාන් ගාවට ඇවිදගෙන ගිහින් අත දිග ඇරලා එයාගෙ කනට ගැහුවා .
එක තප්පරේකට ඔක්කොම නතර උනා . මෙච්චර වෙලාම එයාලගෙ ලෝක වල හිටපු හැමෝම මේ ලෝකෙට ඇවිත් උනේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව බය වෙලා වගේ බලන් උන්නා .
ඩීජේ එක පවා නතර වෙලා තියෙන කොට ශේශාන් කම්මුලට අත තියාගෙන ඇස් ලොකු කරන් මොකද්ද උනේ කියලා හිතා ගන්න බැරුව බලන් උන්නා .
එක තප්පරයි මේ නිහඩ තාවය මන් බිදලා දැම්මා .
" දැන් වත් ඔය බොරුවට හිනා වෙන එක නවත්තපන් "
මන් කෑ ගැහුවා . ඇස් වලින් කදුලු පේලි දෙකක් පල්ලම් බහිනකොට මන් කෑ ගැහුවා . ඇයි මන් අඩන්නෙ කියන්න මන් වත් දන්නෙ නෑ .
" චූටි චූටි උඹට මොන යකෙක් වැහිලද බන් "
සුදු අයියා මගේ උරහිසෙන් අත තියලා හොලවනවා ." අහ් " මගේ අතේ තිබ්බ ජූස් වීදුරුව මගෙ අතින් බිමට වැටුනා . මන් ගැස්සිලා ඉදගෙන හිටපු විදියටම බෙල්ල හරවලා සුදු අයියා දිහා බැලුවා .
" මොන ලෝකෙද උඹ ඉන්නේ" සුදු අයියට තරහා ගිහින් .
මන් මොකුත් නොකියම ඉස්සරහා බැලුවා . කිසිම වෙනසක් නෑ හැමෝම තම තමන්ගෙ ලෝක වල . ශේශාන් තාමත් කේක් කපන තැන කා එක්කද කතා කරනවා .
YOU ARE READING
නුඹ හා
Non-Fictionහුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන...