නුඹ හා (25) s2ep7

3K 313 55
                                    

"ම්හ්..." අම්මො ඇගත් රිදෙනවා . දැනෙන සීතලට ලග තිබුන උණුසුමට මම තව තව ගුලි උනා ..

"ඔය මදිද දොයියෑවා ආ "
සුපුරුදු කටහඩක් මට උඩින් ඇහෙනකොට මට ටිකක් හුරතල් වෙන්න ඕනේ උනා..

"ම්හු "

තවත් රිංගන්න දිහාවක් නැති බව දැන දැන් තවත් ඒ අස්සට මං රිංගන්න හැදුවා.

"මොකද මේ පූස් පැටියා පුරු පුරුව "
මගේ හිස් මුදුනට හාදුවක් තියලා  ලොකූ මගෙන් ඇහුවා ..

" ලොකූ ..."

"ම්ම්ම් "

"කො සුදූ " වෙනදට මන් ඇහැරෙනකන් වැඩි හරියක් මාව බදාගෙන ඉන්නෙ සුදූ වෙනකොට අද ලොකු විතරක් ඇදේ ඉතුරු වෙලා ඉන්න නිසා මන් ලොකූගේ මූණට එබිලා ඇහුවා..

"ම්ම් එයා ගියා ඔයාගෙ කුක්කු එක හදන්න "

"වෙනදට ඔයානෙ හදන්නෙ " මන් ඇහුවත් ඒකට උත්තරේ විදිහට එයා හිනා වෙලා මගේ නලලට හාදුවක් තිබ්බා .

ලොකූ හරි ලස්සනයි . ලස්සනයි නෙවේ හැන්ඩ්සම් තාම මූණ හෝදලත් නැතුව අව්ල් වෙච්ච කොන්ඩෙකුයි නිදිමත පෙනුමකුයි එක්කලා ඒ හිනාවත් එකතු උනාම තිබ්බෙ ඇස් අහකට ගන්න නොහිතෙන පෙනුමක් වෙනකොට මට ටිකක් වෙලා එයා දිහා බලන් ඉදලා එයාට පිටු පාලා අනිත් පැත්ත හැරුනේ මගෙ අතින් වැරදි දෙයක් වෙන්න කලින් . බැරි වෙලාවත් ලොකූ ඇහුවොත් ඇයි ඔහොම බලන්නෙ කියලා කෝ මට දෙන්න උත්තර .

එයා මගෙ ඉණ වටේ අත දාලා ඒ පපුවට මගෙ පිට හේත්තු කර ගත්තා වෙනකොට අනිත් අත් තාමත් මගෙ කොට්ටෙ වෙලා .

මන් කාමරේ පුරා මගෙ ඇස් ගෙනිච්චා . බැල්කනි එකට යන්න දාලා තියෙන දොරට දාලා තියෙන කොල පාට දුහුල් රෙද්දෙන් ඉර අව්ව පෙරිලා කාමරේට ඇවිල්ලා හරි ලස්සන දර්ශනයක් මවන කොට කාමරේ මීට අවුරුදු එකහමාරකට කලින් මන් යද්දි තිබුන විහටම කිසිම වෙනසක් නැතුව තිබුණා .

ඒක හරි ලස්සන හැගීමක් උදේට කාමරේ අස්සට කර්ට්න් අස්සෙන් රිංගලා එන ඉර අව්ව    වගේම සීතලේ මාව උණුහුම් කරන පපුව එක්කලා දැනෙන ඒ නැවුම් හැගීම හරි ලස්සනයි .

ඒත් !!

එතන අඩුවක් තිබුණා . එකම එක හිස් තැනක් තිබුණා .  මගෙ සුදූ .

නුඹ හා Where stories live. Discover now