CHAPTER 19 🌹

699 150 105
                                    

ටේහිය්‍යුන් ව රූම් එකකට දාලා ලොක් කරපු ජන්කුක් තමන්ගෙ රූම් එකට ඇවිත් ඩෝ එක ලොක් කරලා දාලා කබඩ් එකකින් ගත්ත වයින් බෝතලයක් කඩලා එක හුස්මට බීලා ඉවර කරලා තව බෝතලයක් අතට ගත්තෙ ලොකු හුස්මක් පිටකරන ගමන්.
රූම් එකේ තියෙන මිරර් එකෙන් පේන තමන්ගෙම ප්‍රතිබ්ම්බය දිහා ටික වෙලාවක් බලන් හිටපු ජන්කුක් දැක්කෙ දුර්වල වුන තමන්ව.අනුකම්පාවට අකමැතිවුන ජන්කුක් පොඩි කාලෙ ඉදන්ම දුකක් දැනුනම කරේ තනියම විදදරා ගත්ත එක.විදදරා ගත්තට වඩා විදවගත්ත එක කියලා කිව්වොත් වඩාත් නිවැරැදි .

තවත් ඒ දුර්වල ප්‍රතිබ්ම්බය දිහා බලන් ඉන්න බැරි වුන ජන්කුක් මිරර් එක කුඩු වෙන්න අත මිට මොලවලා ගැහුවෙ වීදුරු කටු නිසා ජන්කුක්ගෙ අතේ තැනින් තැන වීදුරු කටු ඇනිලා තුවාල වුනත් ඒ ගැන කෙයා නොකරපු ජන්කුක් තව වයින් බෝතලයක් කැඩුවෙ ටේහිය්‍යුන්ගෙ රූපය ලාවට වගේ මැවිලා ජන්කුක් ඉස්සරහ පෙනෙද්දී.

"ප්‍රින්සස් ...."
"ඔයාට මාව ගැලපෙන්නැහැ ප්‍රින්සස් ..."
"මන්..මන් මහ තිරිසනෙක්..."

අත් දෙකෙන්ම ඔලුව බදාගන්න ගමන් කෑ ගහපු ජන්කුක් අතේ තිබ්බ වයින් බෝතලේ පොලවෙ ගැහුවෙ එකපාරට වෙච්ච දේවල් ජන්කුක් ට වුනත් දරාගන්න බැරි වුන නිසා.
මොකද ඇත්තටම ජන්කුක් සෑහෙන්න දරාගන්න මනුස්සයෙක්.ඒත් මෙච්චර කල් මහන්සි වෙලා කරපු දේවල් එකපාරටම කඩාවැටෙන්න ගත්තම ඕනි මනුස්සයෙක් අමනුස්සයෙක් ගානට වැටෙන එක නෝමල් නේද?

ඔලුවට දැනෙන ස්ට්‍රෙස් එක දරාගන්න බැරි තැන ජන්කුක් බිම අතගාලා අහුවුන වීදුරු කටුවකින් අත පුරාම දරුණු විදිහට කපාගත්තෙ  වියරු වෙච්ච හිනාවකින් මුලු මැන්ශන් එකම පිරිලා යද්දී .

@NEXT DAY MORNING ,

ජන්කුක් ටේහිය්‍යුන්ව රූම් එකකට දාලා ලොක් කරලා ගියාට පස්සෙ ටේහිය්‍යුන් කරේ ඩෝ එක ගාව ඉදගෙන කකුල් දෙක අස්සෙ ඔලුව ගහගෙන ඩෝ එක අරින්න කියලා උගුර රිදෙනකන්ම කෑගැහුව එක.ඒත් කිසිම කෙනෙක් ලොක් එක ඇරලා ටේහිය්‍යුන්ව රූම් එකෙන් එලියට ගත්තෙ නම් නැහැ.අඩලම මහන්සියට ඩෝ එක ලග වැටිලා නින්ද ගිහින් හිටපු ටේහිය්‍යුන් ඇහැරුනෙ ජනෙල් වලින් මූනට වැටුන ඉර එලියට.

Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold Where stories live. Discover now