CHAPTER 21 🌹

769 139 97
                                    


@UNKNOWN PLACE ,

හදමින් තියෙන බිල්ඩින් එකක් ගාවින් නවත්තපු කලුපාට බෙන්ස් කාර් එකකින් බැස්සෙ වෙන කවුරුවත් නෙවෙයි ජියෝන් කම්පැනි එකේ CEO.

කාර් එකින් බැහැලා බිල්ඩින් එකේ පඩිපෙල නැගන් තට්ටු තුනක් නැගලා ගන් එක ශූට් කරගෙනම ඉස්සරහට ගියේ මූනෙ ලාවට ඇදුන හිනාවක් එක්ක.

බොස්...මූ තමයි ඒ බ#$"

ක්‍රොන්කීට් කනුවක දම්වැල් වලින් බැදලා ඉන්න මනුස්සයා දිහා බලපු ජන්කුක්ගෙ ඇස් හීනි වුනේ වලදාපු අතීතයක් ආයෙ ආයෙත් මතක් වෙලා.

"උබ ආයෙත් ආව එහෙනම්?"
"ඩේව් ...උබේ පො$# වැඩ කරන්න ආයෙත් පටන්  ගත්තා උබ එහෙනම්?"
"මේ සැරේ කාගෙ බල්ලෙක් විදිහටද උබ වැඩ කරන්නෙ?"

හොදටම තුවාල වෙලා ඉන්න නිසා ලාවට ඇස් ඇරලා බලපු ඒ මනුස්සයා ජන්කුක්ව දැකලා පුරුදු සමච්චල් හිනාවෙන් ජන්කුක් දිහා බැලුවෙ ජන්කුක්ගෙ තරහ තවත් වැඩි වෙද්දී .

"මූට වතුර එකක් ගහපන්."

වතුර පාරක් මූන හරහා සැරට වදිද්දි හරි සිහියට ආපු ඒ මනුස්සයා කියවන්න ගත්තෙ ඒ සමච්චල් හිනාව මූනෙ තියාගෙනම.

"ජ..න්කුක්.. කො..හො..මද  ඉතින්  ...ආ  උබට දැන් සල්ලි එහෙම තියෙනවා නේද?"

"උබ ඇයි ආයෙ මගෙත් එක්ක සෙල්ලම් කරන්න ගත්තෙ ඩේව්?"
"උබට අමතක වුනාද කලින් සැරේ වෙච්ච දේ."

"හහ්..ඒ මන් වෙන මොකා එක්ක සෙල්ලම් කරන්නද?ආආ කියහන්.."
"උබේ මාම් ඩෑඩ් මගේ බොස් මතකනෙ මාත් එක්ක සෙල්ලම් කරලා අවසානෙ වෙච්ච දේ .ඒ නිසා උබත් මේ ඩේව් එක සෙල්ලම් කරද්දී පරිස්සමෙන් කොල්ලො."

"උබ පරිස්සම් වෙයන් දැන් ඉදන් උබට ආයෙ පනපිටින් යන්න දෙන්නැහැ බ## මන්."

"ok.no problem .
මේකත් අහන්නකො කොල්ලො.
උබට ඉන්නවා නේද හුරුබුහුටි ලස්සන පොඩි කොල්ලෙක්."

ජන්කුක් දිහා බලාගෙන හිනාවීගෙන කියපු ඩේව් දිහාවට ගියපු ජන්කුක් ඩේව් එක අතක් කැඩෙන්න ලග තිබ්බ යකඩ බටේකින් ගැහුවෙ ඩේව් කෑ ගහනවා වෙනුවට මහ හයියෙන් හිනා වෙද්දී .

"මට..ගහ..ලා .. වැඩක් නෑ..  ඒ පොඩි කොල්ලා ඕනිනම් අපිට ඕනි විදිහට හිටහන් .. "
"නැත්නම් .."

Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold Where stories live. Discover now