CHAPTER 7 🌹

884 150 44
                                    


යුන්ගි ජන්කුක් එක්ක අයිස්ක්‍රීම් බාර් එකට යන්න හැදුවත් තමන් ගියොත් අනිවාරෙන් එතන ඉන්න මිනිස්සු ටේහිය්‍යුන්ව ඇදන් ගියේ මේ මනුස්සයා කියලා කියනවා කියලා දන්න නිසාම ජන්කුක් කාර් එක ගාව ඉන්නම් කියලා යුන්ගිට කිව්වෙ අයිස්ක්‍රීම් බාර් එකට ගිහින් කතාකරලා බලන්න කියලා.

ඒත් යුන්ගිට ආපු කෝල් එකක් නිසා ජන්කුක්ට ගිහින් කතාකරන්න කියලා යුන්ගි ටිකක් ඈතට ගියේ කෝල් එක ජිමින් ගෙන් වුන නිසා.

අයිස්ක්‍රීම් බාර් එක ගාවටම ගියපු ජන්කුක් හැරිලා බැලුවෙ තවමත් කෝල් එකේ ඉන්නෙ යුන්ගි දිහා ටික වෙලාවක් ක්ලෝස් කරලා තියෙන අයිස්ක්‍රීම් බාර් එක දිහා බලන් ඉදලා වටපිටාවෙ මිනිස්සු ඉන්නවද බලලා ආයෙ සැරයක් හැරුන ජන්කුක් කාර් එක ගාවට ඇවිදන් ගියේ යුන්ගි අයිස්ක්‍රීම් බාර් එක දිහාවට එන්න ගත්ත නිසා.

"මොකක්ද වුනේ කවුරුහරි දැකලද බෙයාව?"

"ආ ඔව් හියුන්ග් .ඒ ළමයා කවුද මනුස්සයෙක් එක්ක උඩ පැන පැන ගියා කියල කිව්වා."

"කවුද ? කාත් එක්කද ඒ ගිහින් තියෙන්නෙ ?"

දන්නැහැ කියන්න උරහිස් අකුලපු ජන්කුක් පැසෙන්ජර් සීට් එකේ ඩෝ එකත් ඇරගෙන කාර් එකට නැග්ගෙ බොනට් එක උඩ ඉදගෙන කල්පනා කරන යුන්ගි දිහා බලලා හීනි හිනාවක් දාන ගමන්.

"කොහෙටද ගියේ කියලා කිව්වෙ නැද්ද ජන්කුකා?"

උත්තරයක් දෙන්න කලින් ටිකවෙලාවක් තමන්ගෙම හිත එක්ක කතාකරපු ජන්කුක් හිතුවෙ ටේහිය්‍යුන් ඉන්න තැන යුන්ගිට පෙන්නන එක හොදයි කියලා.මොනාවුනත් ජන්කුක් දැනන් හිටියා තමන් අද ඕනිවට වඩා ටේහිය්‍යුන්ට වද දුන්නා කියලා.ඒ නිසාම ටේහිය්‍යුන් ඉන්න තැන කියන්න ජන්කුක් හිත හදාගත්තා.

"ජන්කුකා.."

"ආ..ආ.. ඔව් හියුන්ග් ."

"බෙයාව අරන් ගියපු තැනක් දන්නවා කිව්වද ඒ මිනිස්සු?"

"ඔව්.අර කැලේ පැත්තට එක්කන් යනවා දැක්කා කියලා කිව්වෙ."

"කැලේ පැත්තට ? ඔහ් ගෝඩ් ."

ඩ්‍රයිවින් ශීට් එකට නැගපු යුන්ගි ස්පීඩ් එක වැඩි කරලා කාර් එක ඩ්‍රයිව් කරේ කැලේ තියෙන පාරට.කැලේට යන්න තියෙන පොඩි පාර ගාව කාර් එක නතර කරපු යුන්ගි ජන්කුක් එක්ක කැලේ ඇතුලට ගියේ ටේහිය්‍යුන්ගෙ නම කියලා කෑ ගහන ගමන්.

Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold Where stories live. Discover now