CHAPTER 23 🌹

655 155 129
                                    


ටේහිය්‍යුන් යන දිහා ටික වෙලාවක් බලන් හිටපු ජන්කුක් කාර් එකත් හරවගෙන යුනි එක පැත්තට ඩ්‍රයිව් කරේ කාලෙකින් යුනි එක පැත්ත පළාතක යන්න බැරි වුන නිසා.

යුනි එකේ පාර්ක් එකෙන් කාර් එක නවත්තලා ලෙක්චර් හෝල් එක දිහාවට ඇවිදන් ගියපු ජන්කුක්ට යුනි එකේ ලොකු නොසන්සුන් කමක් තිබ්බා කියලා නොතේරුනා නෙවෙයි කෙලින්ම ලෙක්චර් හෝල් එකට යන්න හදපු ජන්කුක් එකපාරට නතර වුනේ පිට හරහට වැදුනු පාරක් නිසා.

"අඩෝ කුක්කෝ..."

"ආයිශ් උබද?"

"ඇයි උබ හිතුවෙ මොකා කියලද අර උබේ ඇන්ග්‍රි බර්ඩ් ද මොකාද පොඩි එකා කියලද?"

තමන්ගෙ ඉස්සර දත් සෙට් එකත් විරිත්තගෙන සූර්යයාගෙ කිරණ බදු සිනහවකින් මුව කොමල සරසාගෙන සිටින පාපී මිතුරා දිහා රවාගෙන ටික වෙලාවක් බලන් හිටපු ජන්කුක් ආයෙ ලෙක්චර් හෝල් එක දිහා බැලුවෙ කවුරුත් ලෙක්චර් හෝල් එකේ පේන්න හිටපු නැති නිසා.

"හෝසෙකා ?"

"උබ මොකද යුනි ආවෙ නැත්තෙ ?"

"ඒක උබට වැඩක් නැහැ.මොකක්ද වෙලා තියෙන්නෙ යුනි එකේ?"

"කොටාගෙ ලෙක්චර්ස් නෑ අද .
අද උබලගෙ ගෙදර ගිහින් ආතල් එකක් ගමු යමන්."

"ඇයි අද ලෙක්චර්ස් නැත්තෙ?"

ජන්කුක් ඒක ඇහුවා විතරයි මෙච්චර වෙලා කටේ පුරවගෙන හිටපු ස්නැක් ටිකත් එලියට දාලා මහ හයියෙන් කැහැපු අපේ සන්ශයින් කොල්ලා ජන්කුක් දිහා බැලුවෙ මූට පිස්සුද කියන ලුක් එකෙන්.

"කැහ් ...කැහ්..උබ මොකක්ද ඇහුවෙ ? "

"ඇයි ලෙක්චර්ස් නැත්තෙ අද?"

"උබ කවදා ඉදන්ද ලෙක්චර්ස් ගැන උනන්දු වෙන්න ගත්තෙ?"

"අද ඉදන් ඔය කන එක නවත්තලා කියහන් ඇයි ලෙක්චර්ස් නැත්තෙ?"

"කොටා ඇක්සිඩන්ට් වෙලාලු."

"වට් ඇක්සිඩන්ට් ?"

"යැස් යැස් ඇක්සිඩන්ට් ."
"අපේ යුන්ගි හියුන්ගා ඉන්නව නේද?"

"ඔව් ඉතින්."
හෝසෙක් දැන්  බරණැස් නුවර බ්‍රහ්මදත්තයගෙ ඉදන් ජාතක කතාව කියනවා කියලා අත්දැකීමෙන් දන්න නිසා ජන්කුක් වොච් එක දිහා බැලුවෙ හෝසෙක්ට පේන්නම.

Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold Where stories live. Discover now