CHAPTER 12 🌹

928 136 43
                                    


ජන්කුක්ටත් ගස්සගෙන ලිවින් රූම් එකට ගියපු ටේහිය්‍යුන් ටීවි එකත් ඔන් කරගෙන කකුල් දෙකත් එරමිනියා ගොතන් ඉදගෙන අත් දෙකත් බැදගෙන ටීවි එක දිහා රවාගෙන බලන් ඉන්න අතරේ ජන්කුකුත් ලිවින් රූම් එකට ඇවිත් සෝෆා එකෙන් ඉදන් ලැප් එක ඔන් කරන් කම්පැනි එකේ ෆයිල්ස් චෙක් කරන්න ගත්තෙ ටේහිය්‍යුන් ව සතපහකට ගනන් ගන්නැතුව.

මේ අතරෙ ටීවි එක දිහා බලන් හිටපු ටේහිය්‍යුන් ජන්කුක් එනවා දැක්කත් නොදැක්ක ගානට රවන් ඉදලා ජන්කුක් ලැප් එකත් අරන් මොකක්හරි වැඩක් පටන් ගන්න යන්නෙ කියලා දැනගෙන ලැප් එකට මූන ඔබාගෙන ඉන්න ජන්කුක් දිහා සැරින් සැරේ හැරි හැරී බලන්න ගත්තෙ ටේහිය්‍යුන්වත් නොදන්න හේතුවක් කියන්න බැරි හේතුවක් නිසා.
අත් දිග ශර්ට් එකේ බාගෙට අත් නවලා තිබ්බ නිසා නහර ඉලිප්පිලා පේන අත් වගේම මූනට වැටිලා තියෙන කලු කොන්ඩෙ එහෙ මෙහෙ යන ඇස් මේ හැමදෙයක් දිහාම ටේහිය්‍යුන් බලන් හිටියෙ මොහොතකටවත් ජන්කුක් දිහාවට එල්ල කරගෙන ඉන්න ඇස් අයින් කරගන්නැතුව.

ලැප් එකේම මූන ඔබාගෙන හිටපු ජන්කුක් සයිඩ් මිරර් එකෙන් තමන් දිහා බෝල ඇස් දෙකක් බලන් ඉන්නවා කියලා දැකලා කට කොනකට හිනාවෙලා ගනන් නොගෙන තමන්ගෙ වැඩේ කරන් ගියේ ටේහිය්‍යුන් තවමත් ජන්කුක් දිහා බලන් ඉද්දී .ටේහිය්‍යුන් සාමාන්‍යයෙන් නිශ්ශබ්ද ළමයෙක් නොවුන නිසා මේ නිශ්ශබ්දතාවය ටේහිය්‍යුන්ට ලොකු අඩුවක් වගේ දැනුනෙ.

"ඒ තඩි ඌලෝඕඕඕඕඕ..."

"ජල්කුක්..."

"හියුන්ගීඊඊඊ..."

"වැඩක්ත උයා?"

"මොකක්ත කලන්නෙ අප්පා?"

"මත කම්මැලීඊඊඊඊ"

ටේහිය්‍යුන් කොච්චර කෑ ගැහුවත් ජන්කුක් ලැප් එකෙන් ඔලුව ඉස්සුවෙ නැති නිසා ටේහිය්‍යුන් ටික වෙලාවක් ජන්කුක් දිහා බලන් හිටියෙ ඇස් දෙකත් හීනි කරගෙන.

"ආආආආආආආආආ මන් කීන දේ අහලවාආආආආ.."

"යාහ් එහාට වෙනවාආආආ .....
ශිට් මගෙ මූන...."

ඔව් ඇත්තවශයෙන්ම ටේහිය්‍යුන් ජන්කුක්ගෙ ඇග උඩ නැගගෙන මූන හපන්න ගත්තෙ එයා කිව්ව දේ අහපු නැති නිසා🙂.

Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold Where stories live. Discover now