"මට සෙමට්‍රි එකට යන්න ඕනේ....."
"මෙවෙලේ.........."
"..........................."
"හ්ම්....එක්ක යන්නම්......අඩන්න නෑ කියලා පොරොන්දු වෙනවා නම්......"
".........................."
"මිහී..........."
එයා කතා කරද්දී ඒ උරහිසේ තිබ්බ ඔලුව මම අහකට ගත්තා.........
ගරාජ් එක ලග ඉදන්ම මගක් දුරක් එනකන්ම.....මේ වෙනකන්ම මගේ ඔලුව තිබ්බේ ඒ උරහිසේ වෙද්දී ලේ ගෑවුනූ මගේ අතැගිලි තිබ්බේ ඒ අතගැලි අස්සේ වෙද්දී සෙමට්‍රි එකට යන්න ඕනේ කිවුව මම මගේ අත ඇගිලි හිරකරගෙන උන්නූ එයාගේ ඇගිලි බේරගෙන මම නිසා ඒ අත් වල ගෑවුනු ලේ පිහලා දැම්මා.......
එයා හිනා වුනා.........
හිනාවුනු එයා අඩන්නේ නෑ කියන එක පොරොන්දු වෙන්න කියන එක කියනවා එක්කම එයාගේ උරහිසෙන් ඔලුව ගත්තු මම කාර් එකේ වීදුරුවට ඔලුව තියා ගත්තා වගේම එයා අහපු එක ප්‍රශ්නෙකටවත් හරියකට උත්තර නොදුන්නූ මගේ ඔලුව අතගාපූ එයා ආයෙම මට කතා කරද්දී මම ඇස් පියා ගත්තා...........
මිහී.................
වැහුනු ඇස් අස්සෙන් පේන්නෙම ඒ අහිංසක රූපේ වෙද්දී කාර් එකේ වීදුරුවට තියන් උන්නූ ඔලුව ආයෙම එයාම අරගෙන එයාගේම උරහිස උඩින් තියාගනිද්දී මම හූමීට තිබ්බ වගේම එයා එයාගේ කොපුලක් මගේ හිස් මුදුනට තද කරගන්නවා දැනෙනවා එක්කම මම ඒ අත් ගොබයක් මගේ අත් දෙකෙන්ම තුරුලු කරගත්තා.....
"ඔයාට මෙහෙම ඉන්න බෑ මිහී......."
"බැරි උනත් ඉන්න ඕනේ....."
"ඔයාට පුලුවන් ඒ මතක එක්ක ඉන්න ගමන්ම තව කෙනෙක්ව ඔයා........"
"එපා ......මට එපා.....මට එපා මට ඕනේ නෑනේ.........."
"අහන්නකෝ ම්ම්....කලබල නොවී අහන්න.........ඔයාට ඕන උනාට දරුවො දෙන්නට........."
"එපා......එපා එපා එපා.....එප කියන්නේ එපා නිසානේ මට එපා......."
"ආ හරි හරී හරී....එප ..... මගේ මිහීට කවුරුත්ම එපා ම්ම්....මහන්සි නොවි ඉන්න......"
"සෙමෙට්‍රි එක....."
"එක්ක යන්නම්......."
මම ඇස් පියාගෙන බර හුස්මක් අතැරියා.....
YOU ARE READING
Dark Painting
Non-Fictionඅදුරු සිතුවම...... එක්වුනු දෙසිතක් තුල හිර වුනූ එක් සිතක අකීකරූකමින් බොදවුනූ කාල සිතුවම....... Dark painting... The picture of time, which was disobeyed by one heart trapped in a united world....... ...