"අනේ.....නානා අම්මියා ඉන්නවනේ...කෝ සිදෙ............"
"අප්පුචිචියේ.....සිදෙනා.....වඩා....වඩා...."
"ආ හරි හරි......ම්ම්........සිදෙන්නෙ නානේ.....මගේ පුතුව බලන්න අප්පච්චී ආවනේ.....මගේ පුතුගේ අප්පච්චී .....ඒ නිසා සිදෙන්න නාලූ ම්ම්........නාඩා ඉන්නකෝ........අප්පච්චී ආවනෙ........"
කොල්ල මගේ දිහා නොබලම ආව ඩොක්ටර් භූමිථ දිහා බලාගෙන රිදෙනවා කියද්දි අඩියට දෙකට ඇද ලගට ආව එයා ඇද උඩ අමු හෙලුවෙන් හිටගෙන කෑගගහා අඩා වැටෙන කොල්ලව එයාගේ පපුවට හේත්තු කරගෙන හම ඉරාගෙන ගිහින් තිබ්බ කැනියුලාව පරීස්සමට ගලවද්දී අනේ මගේ රැවටුනූ කොල්ලා මගෙ ඉස්සරහ ඉන්න මේ සලෙලූ සෙල්ලක්කාර දොස්තර මහත්තයාගේ උරහිස උඩින් එයාගේ චූටී ඔලුව ගහගත්තා.......
අනේ මගේ අහිංසකයාට මොනා කියලා තේරෙනවටද.....ඒකා රැවටිලා දෙයියනේ......මේ රූපෙට රැවටිලා.....
ආයේ එන්නේ නෑ කියන එක නොදැන නොතේරෙන උදේ හවා ගෙදර බිත්ති පිරිලා තියෙන එයාගේ අප්පච්චීගේ ම රූපේ ඒ ඇස් ඉස්සරහ මැවිලා තියෙද්දී අනේ මගෙ අහිංසක දරු පැටියා නොසෑහෙන්න රැවටිලා .......
වෙනදට සද්දෙට කිබුහුමක් ගියත් අම්මියෝ ගාන කොලු පැටියට අද මෙච්චර දෙයක් වෙලා තියෙද්දීත් අම්මිව ....එයා ලගම ඉන්න අම්මිව නොපෙනී ගිහින් තියෙද්දී එයා ...... එයාව රවට්ට ගත්තු.... අහම්බෙන් හරී එයගේ අප්පච්චීගේ රූපෙ ගත්තු අමුත්තගේ උරහිස උඩ හෝ ගාලා අඩාවැටෙද්දී මම ලේ විද්දන තුවාලේ උඩ ගෝස් ඔතපු සලෙලු ඩොක්ටර් දිහා බලන් උන්නා වගේම එක අතකින් එයාට හේත්තු වෙලා උන්නූ මගේ දරුවගේ නිරුවත් පිට සිනිදුවට අතගාන ගමන් අනිත් අතෙන් හිමීට ගෝස් එක ඔතලා මා දිහාව බලපු ඩොක්ටර් ඇස් වලින් මට මගේ දරුවගේ අත වටේ ඔතපු ගෝස් එක පෙන්නද්දී මම හිමීට ඒක ගැටගැහුවා.......
එයා බෙහෙත් දැම්මෙ නෑ....ඒ වෙනුවට කරේ පුලුන් කෑල්ලක් තියලා තුවාලේ ඔතපු එක........
රෝස පාට නියපොතු තියෙන ඇබිත්තන් අතේ ගෑවුනූ ලේ ටික පිහලා දාපූ මම ආයෙම වතාවක් හීනියට එන ලේ සීරාවෙන් ලාවට පෙගුනූ ගෝස් කෑල්ල උඩ පරිස්සමට මගේ අත අරන් ගිය වගේම මෙච්චර වෙලාම අඩා වැටුනු කොල්ලා එකපාරටම හීනියට හිනා වෙද්දී මම ඇස් දෙක උස්සලා මගේ පුංචි අහසක් දිහා බැලුවා.......
YOU ARE READING
Dark Painting
Non-Fictionඅදුරු සිතුවම...... එක්වුනු දෙසිතක් තුල හිර වුනූ එක් සිතක අකීකරූකමින් බොදවුනූ කාල සිතුවම....... Dark painting... The picture of time, which was disobeyed by one heart trapped in a united world....... ...