මගේ ඉස්සරහ දන ගහගෙන උන්නු ඝර්ජන් මගේ උකුල උඩ ඔලුව තියාගෙන මම දන්න ලස්සනම ලස්සන කතාවක් හරි අපූරුවට කියලා දාද්දී අහගෙන ඉන්න මගේ මූනට වියරු හිනාවක හෙවනැල්ලක් වැටිලා තිබ්බා.....
මම අන්තිම තුරුම්පුව එක්ක උතුරන ආදරෙන් ඒ කේශෙ දිගට ඇගිලි අරගෙන ගියා.........වගේම ඇහුනු දේ එක්කලා මගේ වියරු හිනාව තව තව ඔප වැටුනා..........
"ඝර්ජන් ........"
"ම්ම්............"
"ඔයාගේ නංගිගේ හස්බන්ඩ් කාගේ කවුද.....ඔයා දැකලා නෑ කිවුවේ....එයා.........."
"ඔයා දන්නවා ඇති බබා.......ඌ ඩිෆෙන්ස් මිනිස්ට්රගේ පුතා ............."
හ්ම් හ්ම් හ්ම්.........ඩොක්ටර් භූමිථ්.........මදිපාඩුවට ඩොක්ටර් දිවේන්........
බුලට්ස් දෙකයි.....මිනී දෙකයී........
තොපි දෙන්න මගේ ජීවිතේ අස්සට ආවේ අහම්බෙන් නෙවෙයි නේද ම්ම්............
මගේ පපුව ගැහෙන සද්දෙ මටම ඇහෙද්දී කැකෑරෙන කේන්තිය පිට දාගන්න විදියක් නැතුව මම දිව හක්කෙ දත් පේලිය අස්සට හිර කර ගත්තා වගේම මගේ හිතේ තියෙන කේන්තිය කොච්චර ද කියනවා නම් දත් අස්සට හිර වෙලා පුපුරපු දිවෙන් එලි බැස්ස ලේ වල අප්පිරිය මලකඩ රහා මගේ උගුරින් පහලට තල්ලු වෙලා යද්දී මගේ කලවා බදාගෙන මගේ උකුල උඩ ඇස් වහගෙන ඉන්න ජනාධිපති පුතු දිහා බලාගෙන බර හුස්මක් ගත්තු මම ඇහුනු දේවල් පිලිවෙලට එක පේලියට ආයෙම පෙල ගැස්සුවා.........
අමායා.......ඩොක්ටර් දිවේන්ට නංගී කිවුව එකී.....ඩොක්ටර් භූමිථ්ට මහත්තයා කිවුවා එකී.......ඒකී උන් දෙන්නා ඉස්සරහ රගපෑවේ වෙනමම කැරැක්ටුවක්.......
වගේම........
ඝර්ජන් මට මේ කිවුව කතාවයී එදා ඩොක්ටර් දිවේන් මට කිවුව කතාවයී දෙකම එක ස්ක්රිප්ට් එකකට ලියවෙච්ච කතා දෙකක් ........
වෙනසකට තියෙන්නේ චරිත විතරක් වෙනස් එක........
මොකද ඩොක්ටර් දිවේන් ළඟ උන්නු අමායායී දැන් ඝර්ජන් එක්ක කතා කරපු අමායයි දෙන්නෙක් කියන එක මට දැන් ඇස් වහගෙන කියන්න පුලුවන් වගේ..........
YOU ARE READING
Dark Painting
Non-Fictionඅදුරු සිතුවම...... එක්වුනු දෙසිතක් තුල හිර වුනූ එක් සිතක අකීකරූකමින් බොදවුනූ කාල සිතුවම....... Dark painting... The picture of time, which was disobeyed by one heart trapped in a united world....... ...