"ඔයා දන්නවද මහත්තයා මටයි එයාටයි....මටත් වඩා එයාට......එයාට එයාගේ තාත්තිව බලන්න ඕනෙ වෙලානේ.........මේ.......පුතූ ඔන්න තාත්තිව බලන්න අම්මි ඔයාව එක්ක ආවා........"
මොකද්ද ඒ උනේ.........
මටම තාම හිතාගන්න බෑ උනේ මොකද්ද...කොහොමද උනේ කියන එක.........
මද රස්නේ උකු චොකලට් දියරේ හේත ගතිය තවමත් මගේ අත පුරාවටම වැදිලා තියෙද්දී චොකලට් දියරේ සුවද මගේ නාස් පුඩු හාරවගෙන ගියා උනත්.....
ඒ ඔක්කොටම වඩා......ඊටත් වඩා මගේ හදවතම හාරවගෙන ගියේ මෙතනින් දැන් විනාඩී ගානකට කලින් ආවෙස වෙලා ගිය සලෙලූ දොස්තර මහත්තයගේ සැර සුවද ..........සැර ගැබුරු කටහඩ.......කැකෑරෙන වෛරයක් අස්සේ තිබ්බ රතු වුනු තද කලූ සෙල්ලක්කාර ඇස් වගේම අර කෙල්ලගේ කනට නෑහෙන වචන වෙද්දී ...........
මම කරන්නෙ මොනාද....කොහොමද කියන එක හිතාගන්න බැරුව අනත මනතෙන් ඔහේ කොරිඩෝ එක මැද හිටගෙන හිටියා......
"ආහ්........ඩොක්ටර් දිවේන්......සර් නේ මේ............"
"මිස්ටර් ධීරූ....මොකකට හරි බය වෙලා වගේද ම්ම්....අනික මේ....ටේක් දිස්.........හෙලෝ.....අම්මී......අයි විල් කෝල් යූ බෑක්......ඔව් ඔව්....පහල ඉන්නේ....හොස්පිට්ල් එන්ට්‍රන්ස් එකේ.....ඔයා යන්න කලින් මම ඔයාව මීට් වෙන්න එන්නම්......."
ටිකෙන් ටික ඈතට ඈතට ඇදිලා කොරිඩෝ එකකින් හැරිලා නොපෙනී ගිය රූප දෙක මට මාවම අමතකම කරවලා තියෙද්දී පොලිස් ස්ටේශන් එකේ ඉදලා දරුවෝ දෙන්නව දකින්න පුදුමාකාර ඉවසීමකින් ආසාවකින් ආව මට ඒක පවා අමතක වෙලා යන්න යද්දී එකපාරටම මගේ උරහිසට දැනුනු පහස එක්ක මාව ගැස්සිලා ගියා.......
ඩොක්ටර් දිවේන්.........
ෆෝන් එකත් කනේ ගහගෙන මා දිහා බලාගෙන උන්නු ඩොක්ටර් දිවේන් ෆෝන් එක කනින් අයින් කරලා මගේ පැත්තට ටිශූ එකක් දික් කරන ගමන් මටම අමතක වෙලා ගිය චොකලට් වලින් නෑවුනූ මගෙ අත ඇස් වලින් පෙන්නද්දී එයාට හිනාවක් දුන්නු මම අනතමනතෙන් වගේ ටිශූ එක අතට ගත්තා........
හැමදාම වගේම ලා පාට ඇදලා උන්නූ ඒ මූනේ පුරුදු නිවුනු අහිංසක හිනාවම පැතිරිලා ගිහින් තියෙද්දී යකෙක් දැකලා වගේ අනතමනතෙන් උන්නු මගේ දිහා වගේම චොකලට් පෙරුනූ.....චොකලට් වලට සම්පූර්ණයෙන්ම තෙත් වුනූ මගේ අත දිහා අමුතුවට බලපූ ඩොක්ටර් දිවේන් ආයෙම පහතට දාපූ ෆෝන් එක කනේ ගහ ගත්තා වගේම එදා මම එයාගේ කැබින් එකට හොරෙන් ඔලුව දාගෙන අහගෙන හිටියා වගේම මේ වෙලාවෙත් එයා කත කරලා තිබ්බේ එයාගේ අම්මී එක්ක වෙලා තිබුනා......
YOU ARE READING
Dark Painting
Non-Fictionඅදුරු සිතුවම...... එක්වුනු දෙසිතක් තුල හිර වුනූ එක් සිතක අකීකරූකමින් බොදවුනූ කාල සිතුවම....... Dark painting... The picture of time, which was disobeyed by one heart trapped in a united world....... ...