මම ආව වෙලාවේ ඉදන්ම දැක්කේ මේ ගෙදර බිත්ති වහගෙන ඉන්න මිහීට අහසක්
වෙච්ච " මිහිගේ අහසක් " ගේ රූප විතරක්ම වෙද්දී මගේ හිතට මොකද්දෝ මහා බරක් දැනුනා.......ඇරපු අතක් නෑ ඒ මමයී......
ඒ රූපේ ......ඒ හීනාව......ඒ ඇස්.......
ඔක්කොම මමමයී.......
හරියටම නිකන් මට හොරෙන් මගේ ෆොටෝස් ගහලා එල්ලලා වගේ.......
මගේ අම්මි දැක්ක නම් හාටුව ලෙප්ට් .......
අනේ අම්මේ එහෙනම් එක්කගෙන යන්න වෙන්නේ නෑ මේ ෆොටෝ එකක් ළඟින්.......අනේ භූමි ....සුදු
පුතූ ඔයාමයි අනේ ඔයා වගේමයි කිය කිය මෙතන ඩෙගා නටයී.......ඒත් ඒ මොනා උනත් වෙනසකට කියලා එකම එක දෙයක් තිබ්බ එයා මම ළඟ.......
ඒ ............
අහසක්ගේ අහිංසක පාට ........
අවංකවම දකින ඕනම කෙනෙක්ට දෙපාරක් නොහිතම ඇස් දෙක වහගෙන උනත් කියන්න
පුලුවන් එයා නොසෑහෙන්න අහිංසකයි කියලා .......ඇත්තටම එයාගේ හැම බැල්මක්ම හරි අහිංසකයි.......කොටින්ම කිවුවොත් එයාගේ මගේ හිනාවලුත් එකම වගේ උනත් මගේ එයාගේ හිනාවල සෙල්ලක්කාර පාටයි අහිංසක
පාටයි වෙන වෙනම ඇගිල්ල දික් කරලා පෙන්නන්න පුලුවන්කම තිබ්බ .......අනික කොල්ලා අභිනව්......
එයා තනිකරම එයාගේ අප්පච්චී වගේමයි.....කිසිම වෙනසක් නැතුව ඒ අහිංසක හිනාව එහෙම්ම කොල්ලට ගිහින් තියෙනවා......මට හිතෙන විදියට නම් හැසිරීමත්....මොකද අභිනව් කලබල දරුවෙක් නෙවෙයී ....නිවුනු අහිංසක ලාමක කාටවත් කරදරයක් නැති දරුවෙක්......එයාගේ වයසේ අනිත් අයට වගේ එයාට අකීකරු මුරන්ඩූ ගති නෑ.....එයාට තියෙන්නේ හරි හුරතල් හිතුවක්කාර චූටී චූටී දග ගති......
ආදරේ හිතෙන ගති........
සමහර විට එයාගේ අප්පච්චීත් ඒ වගේද දන්නෙ නෑනේ....හිතුවක්කාර චූටී චූටී දග වැඩ කරාද කවුද දන්නේ....කොහොමත් ඒ රූපේ දිහා බලලා කියන්න පුලුවන් එයාටත් කිසි කලබල ගතියක් නැතුව ඇති කියලා.....ඒත් හරියටම කියන්න බෑ........මොකද ඔය උපාසක බලල්ලු වගේ සුදු උස කෙට්ටු කොල්ලො ඉන්නව නේද ආං ඔය කොල්ලො තමයී මීයෝ දෙන්නා දෙන්නා අල්ලලා මදිපාඩුවට හූනොත් බයිට් එකට අල්ලන්නේ......මම මේ මම ගැන කියනවා නෙවෙයි....ඇරත් සුදට උසට කෙට්ටුවට ඉන්නෙ මම විතරක් නෙවෙයී නේ.....ඔක්කොටොම හපන් අහසක් මටත් වඩා කෙට්ටුයි වගෙ..... අනික ඉතින් වන් ශොට් එක ඩබල් වෙනවා කියන්නේ චූට්ටකට වඩා තව චූට්ටක් වැඩියෙන් දග ඇතී......
YOU ARE READING
Dark Painting
Non-Fictionඅදුරු සිතුවම...... එක්වුනු දෙසිතක් තුල හිර වුනූ එක් සිතක අකීකරූකමින් බොදවුනූ කාල සිතුවම....... Dark painting... The picture of time, which was disobeyed by one heart trapped in a united world....... ...