Dark Painting 💖🖤 08

588 92 76
                                    

"දරුවගේ ඇගේ දුවන ලේ වල නියම අතියිකාරයට නේද දරුවගේ අප්පච්චී වෙන්න සම්පූර්ණ අයිතිය තියෙන්නේ ....."
.
.
.
.
.
.
.
.
"දරුවා අප්පච්චී කියන්නේ හරිම කෙනාට......"
.
.
.
.
.
.
.
.
"යනවා සිහියෙන් ඉන්නවා.....මතක තියාගන්නවා මගේ පණ ටිකට දෙයක් උනොත් මම උබව මරනවා.......මරලා වලලනවා...මේ භූමී කිවුවොත් කිවුවා....."










මාව කරකවලා අතෑරියා වගේ උනා...

කොටින්ම කිවුවොත් ඒ කිවුව දේවල් තේරුම් බේරුම් කරගන්න මට සෑහෙන්න වෙලාවක් යද්දී මම එකම දිගට කාමරේට මැද හිටගෙන විනාඩි පහක් විතර ඔහේ වැහිලා ගිය දොර පියන් දිහා බලාගෙන හිටියා......

"දරුවගේ ඇගේ දුවන ලේ වල නියම අතියිකාරයට නේද දරුවගේ අප්පච්චී වෙන්න සම්පූර්ණ අයිතිය තියෙන්නේ ....."

ඒ මොකද්ද ඒ කිවුවේ.....අනික ඒක ඇත්තනේ..ඒක සම්පූර්ණ ඇත්ත...මගේ දරුවගේ ඇගේ දුවන්නේ මගේ අහසක්ගේ ලේ......ඒ එක ලේ බිංදුවක් ගානෙම මගේ අහසක්ගේ වෙද්දී මගේ දරුවගේ අප්පච්චී මගේ අහසක්නේ....ඔය මොකා කොහොම පස්සේ අප්පච්චීලා උනත් මගේ දරුවගේ වගේම මගේ පවා සම්පූර්ණ අයිතිය අදටත්....මේ දැනුත් කතා කරන මේ මොහෙතෙත් තියෙන්නෙ මගේ අහසක්ට.....අහසක්ට විතරමයී......එහෙම එකේ මොකටද මගේ දරුවගේ ඇගේ දුවන ලේ ගැන ඔච්චරටම වද වෙන්නේ.....

ඇරත් "දරුවා අප්පච්චී කියන්නේ හරිම කෙනාට......" කියන්නේ......හරිම කෙනාට නේන්නම් මගේ දරුවා අප්පච්චී කියන්නේ.....ඔය රූපෙට රැවටුනාට මගේ දරුවා එයාගෙන් දකින්නේ මගේ අහසක්ව.....එයාගේ අප්පච්චීව...උදේ හවා ගෙදර බිත්ති වලට වාරු වෙලා ඉදන් බිත්ති පුරාවටම වහගෙන ඉන්න එයාගේ අප්පච්චී එක්ක හොගෑවීල්ලේ අප්පුච්චේ අප්පුච්චේ ගගා කියවන කොල්ලාට මගේ නොදරුවට රූප දෙක පැටලිලා......මෙතන තියෙන එකම දේ මගේ කොල්ලා රූපෙට රැවටිලා තියෙන එක විතරක් උනත් ඔක්කොටොම වඩා මට මේ සලෙලූ දොස්තර මහත්තයා යන්න ගිහිල්ලත් ආයෙම මගේ පැත්තට හැරිලා ඇගිල්ල දික් කරලම කියලා ගිය දේට නොසෑහෙන්න කේන්ති ගියා........

"මතක තියාගන්නවා මගේ පණ ටිකට දෙයක් උනොත් මම උබව මරනවා.......මරලා වලලනවා...මේ භූමී කිවුවොත් කිවුවා......" මොනා උනත් එයාට බෑ මට ඒ විදියට කතා කරන්න....මම මේ දරුවගේ අම්මා.....අනික අවුරුදු හතරහමාරක් තිස්සේ මම මගෙ දරුවෝ දෙන්නාව රැක්කේ මගේ ඇස් දෙක වගේ නම් එකපාරටම එයාට මොකද්ද ඒ හැදුනූ කුලප්පුව....

Dark Painting Where stories live. Discover now