06 . 20
වෙලාව යනවා දැනෙන්නෙත් නෑ.......
ඇබරිලා ගිහින් තිබ්බ අතේ තිබ්බ ව්රිස්ට් වොච් එක ආයෙම මගේ පැත්තට කරකවගෙන හදාගෙන වෙලාව බලපූ මම එකම දිගට ඔලුව පහත් කරගෙන උන්නු නිසාම වේදනා දෙන බෙල්ල යාන්තමට වගේ එහාට මෙහාට කරගෙන ඇස් කෙවෙනි පියාගෙන ශීට් එකට හේත්තූ උනා........
මහන්සී........
ටිකක් නෙවෙයි සෑහෙන්න....
නොසෑහෙන්න මහන්සී.....
ලීව් එක ඇපෲල් උනාට ඩීඅයීජී පට්ටම ගහගෙන ඉන්න මට ලේසියෙන් මේවා දාලා යන්න පුලුවන් කමක් නැති වෙද්දී මම නැති දවස් හතරයි පහයි ගානකට වෙන්න තියන සම්පූර්ණ වැඩ ටික පැය ගානකින් කරන්න තියෙනවා නේද කියන එක මතක් වෙද්දි මට මේ ඔක්කොම අස්සේ නිකන් සික් එකට වගෙත් ආවා...........
ඔෆිස් ටේබල් එක උඩ තියෙන ලෑන් ලයින් එක එකකින් පස්සේ එකක් වෙන්න එකම දිගට හුට හුට ගාද්දී මම ඒ මගුල පොලොවේ ගහගන්න බැරි කමට කාගෙන දරාගෙන උන්න නිසාම ඒක වදින වදින සැරේට අපොන්සුට ඇවිත් ෆෝන් එක ආන්ස්වර් කරලම පණ ගිහින් තිබ්බා......
"සර්....කෝපී එක......"
"හ්ම්.....අපොන්සූ අර ගිය සතියක වරායෙන් එලියට දාපූ හෙරොයින් ලෝඩ් එක......ඒකට මොකද උනේ.....රේගුවෙන් මොකද කියලා තිබ්බේ........."
"ඒක එහෙම්මම යට ගියානේ සර්...රේගුවෙන් ඒකට මුකුත් කිවුවේ නෑ......ඇරත් සර් ඒක ගැන පරීක්ෂණ පවත්වන්න රශාක් සර් ස්පෙශල් ටීම් එකක් දැම්මට ප්රයිම් මින්ස්ට්ර කියලා තිබ්බනේ ඒක හොයන්න ඕනේ නෑ කියලා....ඉන්වෙස්ටිගේට් නවත්තන්න කියලා......."
"හේතුවක් නැතුවම.....ඇරත් රශාක් ඒක අහලද.....මට රශාක් එක්ක කතා කරන්නත් බැරි උනා.....අනෙ මන්දා මට පිස්සු වගේ ඔය කොනකට මගෙ නම ගෑවිලා නැද්ද.... ........."
"රශාක් සර් මොනා හරි ඒ ගැන දන්නවා වගේ සර්.......මට උසාවියේදී පෙරේදා හම්බුනා.....සර්ට කතා කරන්නම් කිවුවා......"
මම වේදනා දෙන නලල දෙපැත්ත මිරිකගෙන උනු උනුවෙම ගෙනාපූ කෝපී උගුරක් බීලා හුස්මක් ගත්තා.....
සීනී නැතුව හදලා තිබ්බ කෝපී එකේ තද තිත්ත ගතිය මගේ රස අංකුර කකාරවගෙන උගුරෙන් පහලට පල්ලම් බහිද්දී උනුසුම් රසේට මගේ ගතේ තිබ්බ තෙගෙට්ටු ගතිය ටික ටික නැති වේගෙන අතුරුදහන් වේගෙන යනවා කියන එක දැනෙද්දී මම බර හුස්මක් අරගෙන ශීට් එකේ තව තව හරි බරි ගැහුනා......
YOU ARE READING
Dark Painting
Non-Fictionඅදුරු සිතුවම...... එක්වුනු දෙසිතක් තුල හිර වුනූ එක් සිතක අකීකරූකමින් බොදවුනූ කාල සිතුවම....... Dark painting... The picture of time, which was disobeyed by one heart trapped in a united world....... ...