"අර ඇක්සිඩන්ට් එක ෆේක්ලූ.......ඩීඑන්ඒ ටෙස්ට් ෆේයිල් නිසා කේස් එක බ්ලොක් කරලා......ඒක මර්ඩර් එකක්ලූ අයියේ........"
මල්ලි වෙවුලනවා.......
දේවුගේ දිහා බලාගෙන මොකද්දෝ ඇක්සිඩන්ට් එකක් ෆේක්ලූ කියද්දී මමයි ඇලීශයි මූනට මූන බලා ගත්තා.....
"මොන.....කොහේ....කවුද ..........."
"ඒ බොඩි එක........ඒක..........ඒක කොල්ලෙක්ගෙලූ...."
"වට්........මොනාද මල්ලි කියවන්නේ....
"ශෙ නා යා........ඒක ශෙනායගේ නෙවෙයිලු......"
"එතකොට........එතකොට නංගී කෝ......"
මම අඩියක් පස්සට තිබ්බා......
ගොත ගගහා ගොත ගගහා කතා කරපු මල්ලී අවසානෙටම " ශෙනායා " කෙනෙක් ගැන කියද්දී ඇලීශගේ ඇස් ලොකු වෙලා තිබ්බ වගේම දේවූ අනතමනතෙන් උන්නූ මල්ලීගේ උරහිස් වලින් අල්ලලා හොල්ල හොල්ල නංගී කෝ කෝ අහද්දී සිහියක් පතක් නැතුව උන්නු මල්ලී දේවූවා හොල්ලන හොල්ලන පැත්තට වැනිලා ඔහේ බලාගෙන උන්නා........
ශනායා තාරුකී නානායක්කාර ...........
මීට මාස ගානකට උඩදී ඇක්සිඩන්ට් එකකින් මැරුනු කෙල්ල........
ජනාධිපතිතුමාගේ බාලම දුව.....
දේවුගේ නංගී......
එතකොට ඒ ඔක්කොටොම වඩා රශාක්ගේ........ මල්ලීගේ ආදරේ...........මගේ මල්ලී අවුරුදු ගානක් තිස්සේ ආදරෙ කරපු කෙල්ල......
මමම දන්නෙ නෑ මොනාද මට මේ ඇහෙන්නේ
පේන්නේ කියලා......."මොකද බන් අපි දැන් කරන්නේ මේකට......"
අපි වැටිච්ච වැටිච්ච තැන ඉදගෙන මීට චුට්ටකට කලින් ඇහුනු දේ කල්පනා කරන්න හිතන්න ගත්තා වගේම විනාඩී ගානක් යනකන් අපි අතරේ තිබ්බ නිහඩකම බිදලා දාපූ ඇලීශා කතා කරද්දී මම හුස්මක් අරගෙන මල්ලි දිහා බැලුවා.......
"කරන්නේ කියන්නේ අක්කා.........මම ඔසී යනවා ලොකු අයියේ....ගිහින් මේක ගැන බලනවා....."
"ඔසී ......මල්ලී ඔයා ඉන්නේ ඩියුටි පිටනේ....."
මල්ලී කියවනවා.....
වොඩ්කා බෝතලේ පිටින්ම කටේ ගහගෙන නහයෙන් කටින් ආවත් කමක් නෑ කියලා එක හුස්මටම ගහලා දාපූ මල්ලී එයා ඔසී යනවා කියද්දී මම පෝනියක් දාගෙන උන්නු කොන්ඩේ තව ටිකක් තද කරගෙන ඒක බූල් එකෙන්ම දෙසැරයක් පටලව ගෙන බෙල්ලේ ගෑවෙන්න තිබ්බ ටික ඔතාගෙන මල්ලිගේ අතේ තිබ්බ බෝතලේ උදුරලා අරගෙන ආයෙම ටකස් සද්දෙට සීතල ටයිල් එකේ තිබ්බා........
YOU ARE READING
Dark Painting
Non-Fictionඅදුරු සිතුවම...... එක්වුනු දෙසිතක් තුල හිර වුනූ එක් සිතක අකීකරූකමින් බොදවුනූ කාල සිතුවම....... Dark painting... The picture of time, which was disobeyed by one heart trapped in a united world....... ...