Dark Painting 💖🖤 19

454 86 44
                                    

දඩස් ගාලා ඇරුනු කැබින් රූම් එකේ දොර ළඟින් කිසිම අවසරයක් නැතුව ම ඇතුලට ඇවිත් මගේ ඉස්සරහ හිට ගත්තු රූපේ එක්ක මගේ ඉහමොල රත් වෙලා කේන්තියට මාව වෙවුලන්න ගත්තා.........

අත් මිට මොලව ගත්තු මම වෙවුලන යටි තොල දත් අස්සට හිර කරගෙන හකුපාඩා තද කරගෙන ඌ දිහාවට මරන් කන බැල්මක් දීලා උගේ අසමජ්ජාතී ඇස් දෙක දිහා බලාගෙන උන්නා.......

"හේයි මයි ලවු.......ආ යූ බිසී රයිට් නව්......."

බිසී රයිට් නව්......අනේ නෑ.....මොන බිසීද........මම මේ කකුල් දෙකත් උඩ තියාගෙන අල්ලේ රේඛා ගනින ගමන් හිටියේ.......මැකුනොත් එහෙම........අම්මගේ රෙද්ද තමයී.....බිසී රයිට් නවු.........

සතා ගැන දන්න නිසා මා ඉස්සරහ වාඩිවෙලා උන්නු කොල්ලො දෙන්නා මීක් නැති වෙද්දී මගේ ජීවිතේ මම අකමැති ම දේ මහන්සී වෙලා කට්ට කාලා දාගන්න යුනිෆෝම් එක ඇදලා විලිලැජ්ජාවක් නැතුවම රටේ අහිංසක මිනිස්සුන්ව හූරගෙන කන දේසපාල හැත්තට වගේම  අප්පලාගේ දහ දුරා සල්ලි උඩ හති වැටෙනකන් උඩ පනින සක්කිලි පුතාලට ඔෆිසස්ලා සැලියුට් කරන එක කියන්න දන්න නිසාම කොල්ලො දෙන්නා වාඩි වෙලා උන්නු තැන් වලින් හෙල්ලෙන්න තියා හිතුවෙවත් නැති වුනා..... වගේම අවසරයක් නැතුවම කාමරේට ඇවිත් අවසරයක් නැතුව මගේ ඉස්සරහ ඒකත් මගේම මේස උඩ අඩමානෙට ඉද ගෙන ඒ දබර ඇගිල්ල මගේ හකුපාඩා දිගේ ඇදගෙන යන ජනාපති පුතුගේ කට කොනකට මහා අසමජ්ජාතී හිනාවක් වැටිලා තිබ්බා............

තැනින් තැන පාට කරපු කොච්චර කරත් මූනටම වැටෙන කොන්ඩේ........කලු පාටට වඩා දුබුරු අලු පාට ලෙන්සර්ස් වැඩුණු අඩවන් වෙච්ච ඇස් ......පේන නොපෙනෙන ගානකට ශේව් කරලා ත්‍රී ලයින්ස් එක්ක  ප්‍රියසින් කරලා තිබුනු දෙබැම.......තොල් එක්කලා උසට හරියන මහතක් තියෙන දුබුරු කහ පාට එක්කලා ධවලේ මුහු වුනු ලාම ලා රත්තරන් පාට වැටුනු
හයේ හතරේ සර්වාංගෙ නිතරම වගේ මේ ඉන්නේ උපන් දා ඉදන්ම රත්තරන් හැන්ද කටේ ගහගෙන ඉපදුනු සල්ලි කදක් කියන එක ඔප්පු කරද්දී හැඩිදැඩි පිට එක්කලා විනිවිද පේන ශර්ට් එකෙන් එලියට
පේන බෙල්ල....දකුනු පපුවේ ඉදන් අතේ මැනික් කටුව වෙනකන් වැටිලා තියෙන කලර් ටැටූ එක ඒ සල්ලි කද උපන් තේකට විශ්වාස කරන්න බැරි මහා එක්තරා විදියක සල්ලිකාර සල්ලාලයෙක් කියන එක ගැන අනතුරු ඇඟවීම් කරන ගමන් උන්නා.........

Dark Painting Where stories live. Discover now