"හැමදේම ඉවරයී ද ඓශූ........අපි තාම පටන් ගත්තෙවත් නෑ රත්තරනේ..........."
හිනාවෙන ඇස් වේදනාවෙන් බර වෙලා දුන්නූ බැල්ම තුන් හිතම හිරි වට්ටන් හිත අස්සේ චායා මවද්දී මම ඔලුව දෙපැත්තට ගසා ගත්තා.........
මගේ අහසක්ගේ අනිතිම වචන ටික........
හැමදේම ඉවරයිද ඓශූ..............අපි තාම පටන් ගත්තෙවත් නෑ රත්තරනේ ...........
ඔන්න ඔච්චරයී..........මාව පිස්සෙක් නොකර
පිස්සෙක් කෙරුව වචන ටික..........අනිතිම හුස්මට මත්තෙන් වේදනාකාරී කදුලු පිනි රූරෙට එක්කාහූ උනු ඇස් කෙවෙනි උස්සලා මා දිහා බැලුව එයාගේ වචනත් බැල්මත් අස්සේ මොහොතකට තනි වෙච්ච මම හෑන්ඩ්ස් ග්ලවුස් වැටුනු අතට ඉදිකටුව මිරික ගන්න ගමන් ලෑලී ඇදේ ගැට ගහලා ඉන්න "තවත් එක මිනිස් ආත්මයක් ලැබුනු තිරිසනෙක් " දිහා ඇස් හීනී කරලා බලාගෙන ම තංගුස් නූල ඇගිල්ල දෙකෙන් අල්ලා අරගත්තා...........
ඇත්ත ..........
මගේ අහසක් හරී............හරියටම හරි.......
අපේ පටන් ගැන්මම මුන් විනාස කෙරුවා..........අවංකවම අපි දෙන්නා හරියකට
පටන් ගන්නත් කලින්ම...........මුන් සක්කිලි හැත්ත අපිට අපිව නැති කරා.........අන්තිම දරුනු විදියට අපිව අපේන් වෙන් කරලා ගැලෙවුවා..........
එකට ගුලි වෙලා දැක්කා අපේ දාහක් හීන පොතට කොමාවක්වත් තිත් පේලියක්වත් තියන්න ඉඩක් නොදීම එයාට මට හොරෙන් මේ යම පල්ලෝ එක්කහු වෙලා අපේ කතාවට අන්තිම තිත තිබ්බා.........
තදවුනූ හකුපාඩා මැරිලා ඉපදුනත් මට අමතක කරන්න බැරී මගේ ත්‍යාෂ්ගේ......මගේ අහසක්ගේ වේදනාබර කදුලු පිනි වලට දිලිසුනු ඇස් වල මතකේ නිසා එලිබහින්න දත කන ඉකියට වැට බදිද්දී වම් ඇස් කෙවෙනි තෙමාගෙන පල්ලම් බැස්ස කදුලක හැගීම් රස මගේ තොලගට දැනුනා.........ඕනවටත් වඩා තදටම.............
මම වාඩුව ගන්නවා මගේ අහසක්........
මුන් එකෙක් නෑර අපායටම යවලා මම වාඩුව ගන්නවා ගන්නවා ගන්නවාමයී අප්පච්චී ........හැමදාම කියනවා වගේ උබට පුලුවන් උබේ ඓශුව විශ්වාස කරන්න ......
YOU ARE READING
Dark Painting
Non-Fictionඅදුරු සිතුවම...... එක්වුනු දෙසිතක් තුල හිර වුනූ එක් සිතක අකීකරූකමින් බොදවුනූ කාල සිතුවම....... Dark painting... The picture of time, which was disobeyed by one heart trapped in a united world....... ...