"මගේම වෛශූව අමු අමුවේම රේප් කරපු උන්ට.....මගේම වීවීව මගේම දරුවව මරලා දාපූ
උන්‍ට ලැබෙන්න ඕන දේ ලැබෙයී......."මම කන්නාඩියෙන් පේන මගේම ප්‍රතිබිම්බේ දිහා බලාගෙන ඉන්න ගමන් මටම මුමුන
ගත්ත .........කාලෙකට කලින් මනුස්ස පාටට උන්නු මම දැන් දැන් අමනුස්ස පාට වැටිලා වගේ......
පිරිලා තිබුනූ මගේ හකූපාඩා සාත්තුවක් නැතුව හෙවිල්ලක් බැලිල්ලක් නැතු නිසාම බැහැලා යටට එබිලා ගිහින්......කාලෙකට කලින් දිලුසුනු පිරිසිදු ධවලෙට තිබ්බ ඇස් නින්දක් නැති කමට නිදහසක් නැති කමට රතු වෙලා ඇස් කොන් ගින්දර අව පාට වෙලා ඇස් ගිලා බැහැලා..........ලා රෝසෙට රතට තිබ්බ තොල් නිදහසක් නැතුවම එකම දිගට තොල් අස්සට හිරවෙන සිගරට් වලට පිංසිද්ද වෙන්න ලා දුබුරට හැරිලා පැලිලා කඩතොලු වෙලා......අතෑරලා දාපූ නිසාම බූසිය වගේ වැවුනූ කොන්ඩේ ඇස් දෙක පවා වහගෙන නිකට ලගට විතර වැවිලා ඔහේ එහෙට මෙහෙට වැනෙන කොට මූන පුරාවටම වැවුනු රැවුල මගේ මූනේ කඩවසම් තිරිවාන පාට මටත්
හොරාවටම මගෙන් ඈතට අරගෙන ගිහින් තිබුනා..........භූමී භූමී භූමී.............
උබ කොහොම කොයි විදියට උන්නු එකෙක්ද භූමී......
ග්‍රීක ප්‍රතිමාවක් වගේ තිරිහන් පාටට උන්නූ උබ වරදක් නොකරම දකින දකින එකා කාරලා කෙල ගහන තැනට මූනක් බලන්න තියා හිතන්නෙවත් නැති සල්ලාල සෙල්ලක්කාර ඇමති පුතෙක් ගානට වැටිලා භූමී.......
කුමාරයෙක් වගේ උන්නූ උබ හිගන්නෙක් වෙලා භූමී.......
අඩලා දොඩලා කෑ ගහලා රණ්ඩු වෙලා මගේ කාමරේට ආව මම ඇදන් උන්නු එකින් එක එකින් එක ගලවලා දාලා ට්‍රවුසර් එක පිටින්ම කන්නාඩිය ඉස්සරහ හිටගෙන කන්නාඩියෙන් පේන මගේම රූපේ උඩ ඇගිලි අරගෙන ගියා වගේම දකුනු පපු පැත්තෙන් පටන් අරගෙන අතේ මැනික් කටුවට වෙනකන් වහගෙන ඉන්න කලර් ටැටූ එක දිගට ඇස් අරගෙන යන අතරේම මීට අවුරුදු පහකට කලින් උන්නු කඩවසම් බවේ හිනීපෙත්ත උඩ උන්නූ භූමී එක්ක මේ මොහොතේ ඉන්න කේඩෑරී වෙලා කැහැටු වුනු භූමීව සසඳන ගමන් බර හුස්මක් පහත දාලා ඇස් කෙවෙනි පියා
ගත්තා......
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"ආවූ.....වට් හැපන්ට් වෛශූ........ඒ දත් පාර මේහ්.....දත් කුට්ටමම වැදිලා ඇයි බබා එක සැරේටම මේ මම මොනා කරාටද දරුවෝ ......."
YOU ARE READING
Dark Painting
Non-Fictionඅදුරු සිතුවම...... එක්වුනු දෙසිතක් තුල හිර වුනූ එක් සිතක අකීකරූකමින් බොදවුනූ කාල සිතුවම....... Dark painting... The picture of time, which was disobeyed by one heart trapped in a united world....... ...