"අනේ උබ මට කියන්න දුන්නෙ නෑ අහසක්.........මම උබට ආදරෙයී කියන එක කියන්න නොදීම උබ ඔහොම යන්න යද්දී මට රිදෙනවා කියන එක උබ මට කියන්න දුන්නෙ නෑ................
මම උබට නොසෑහෙන්න ආදරේ කරනවා කියන්න උබ මට ඉඩ දුන්නෙ නෑ රත්තරනේ........."
මගේම වචන ආයෙම ආයෙම මතක් වෙද්දී බර හුස්මක් ගත්තු මම යටි තොල හපා
ගත්තා.........සතියක්.............හරියටම සතියක්.......එදා මගේ කන රත්වෙන්න පාරක් ගැහුව එයාගේ කේන්තිය මම දැකලා අදට සතියක්.........
සහ හොදම කාරනාව........අද වෙනකන්......මේ මොහොත වෙනකන් එයා මට කතා කරන්න වෙලාවක් නොදුන්නූ එක........හේතුවක් නොදන්නවා උනත් ආයෙම ආයෙම එදා ඒ ගැන කතා කරන්න එයා මට අවස්තාවක් දුන්නේ නෑ මේ වෙනකනුත්........මේ සම්පූර්ණ කාලේ අස්සෙම එයා කෙරුව එක ම දේ මාව මගෑරිය එක.............
හරි සියුම් විදියට මාව රිද්දුව එක.......
ඔව්........හරි.......මට රිදුනා........සෑහෙන්න .......නොසෑහෙන්න රිදුනා...........ඒත් ඒ රිදිල්ලට වඩා එයා කිවුව කෙරුව සමහර දේවල් ළඟ මට කේන්ති ගියා.........මට මාවම දරාගෙන ඉන්න බැරි තරමට කේන්ති ගියා...........
හරියටම දැන් වගෙ.............
මගේ අත මීට විනාඩී ගානකට කලින් මිට මෙලවුනු විදියට ම කලවේ උඩ නතර වෙලා තියෙද්දී පාරෙන් එහාපැත්තට වෙන්න තිබ්බ කොෆි ශොප් එකේ වාඩී වෙලා අරලියාවක් එක්ක මුකුලු දාන ගමන් උන්නූ එයා දිහා මම පාරෙන් මෙහා පැත්තට වෙලා නොසෑහෙන්න ඉවසීමෙන් බලාගෙන උන්නා..........
අහසක් අහසක් අහසක්.........
උබ මට රිද්දන්න තෝර ගත්තු ක්‍රමේ හරියටම හරි කියලා
හිතපු තැන තමයී උබට වැරදුනු තැන වස්තුවේ...........ඉරිසියාව ...........ම්හ්..........ඉරිසියාව මට කවදාවත් ම රිද්දුවේ නෑ........කෙරුව එකම දේ මාව කේන්ති ගැස්සුව එක විතරයී මගේ රත්තරන් ම්ම්.........මට රිද්දන්න ඕන නම් උබට තිබ්බා කරා වගේම මාව මගාරින්න.....මා එක්ක කතා නොකර ඉන්න......මම උබෙන් වෙලාවක් හිගන මොහොතක් මොහොතක් ගානෙම මාව සතේකට මායිම් නොකර ඉන්න......ඒක හරී...අන්න එතකොට මට රිදෙනවා..........ඒත් උබ මේ විදියට මාව මගෑරලා වෙන ගෑනීයෙක් එක්ක හිනා වෙනවා කියන තැනදී වෙන්නේ මට කෙසේවෙතත් වෙන වෙන වෙසගන්නට රිදෙන්න තියෙන සම්භාවිතාව වැඩි එක අහසක්.........රිදුනු හිතටම කේන්තියත් හාමූ උනාම.......සමහර වෙලාවට මට මිනීමරන්න උනත් හිතෙන්න බැරිකමක් නෑ වස්තූ ම්ම්........
YOU ARE READING
Dark Painting
Non-Fictionඅදුරු සිතුවම...... එක්වුනු දෙසිතක් තුල හිර වුනූ එක් සිතක අකීකරූකමින් බොදවුනූ කාල සිතුවම....... Dark painting... The picture of time, which was disobeyed by one heart trapped in a united world....... ...