"දවස් තුනකට උඩදී තමන්ගෙම ගෙදරදී අමානුෂික විදියට වද දීලා මරලා දාලා තිබ්බ කාන්තා මල සිරුරේ ඇගිලි සලකුනු එක්ක සමානකම් තියන ඇගිලි සලකුනු අපරාධ ස්ථානයෙනුත් හොයාගෙන.......පොලීසිය එක්ක කේස් එකට ජොයින්ට් වෙන්න සීඅයිඩී ඉන්ස්පෙක්ටර් ධ්රථාශ්ය නිවනක්ව ගෙන්නලා............."
ඇගිලි සලකුනු.........
ෆින්ගර් ප්‍රින්ට්ස්.......
ඔක්කොටොම වඩා.......
ධ්රථාශ්ය...........
ධ්රථාශ්ය ගෙන්නුවේ කවුද.....
ඇයි එයාවම.......
ධ්රථාශ්ය නිවනක් වම.................
ආව ෆෝන් කෝල් එක ඉද්ද ගැහුවා වගේ නැගිට්ට මම ආයෙම ඔහේ පණ කදක් නැති මළ කදක් ගානට රූම් එකේ තිබ්බ සෝෆා එකටම කඩාගෙන වැටුනා......
කෝල් කන්වර්සේශන් එකේ කිවුව දේවල් සැරින් සැරේ මගෙ සව්න් අස්සේ දෝංකාර දෙද්දී සෝෆා එකේ වාඩී වෙලා මගේම කොන්ඩේ අත් වලට පුලුවන් වෙර දීලා ඇගිලි පුරුක් වලින් ඇදගන්න ගමන් මම ඇහුවේම .........
මම මගෙන්ම අහ ගත්තේම එකම ප්‍රශ්නයක් විතරක් ම උනා.....
ධ්රථාශ්ය...........
ඇයි ඒකවම ගෙන්නුවේ....
ඇයි ධ්රථාශ්යක්ම......
ලංකාවේ මෙච්චර ටැලන්ටට් සීඅයිඩී ඔෆිසස්ලා ඉද්දී මොකද ඒ සතාවම.........වෙන එකෙක්ව දුන්න නම් ඩිපාට්මන්ට් එක බඩ වෙනවද නෑනේ නෑනේ අම්මගේ රෙද්ද......
ඌ එක්ක වැඩ කරනවට වඩා ලේසීයී නාසී කෑම්ප් එකකට ගිහිල්ලා හිට්ලර් කාරයගෙ කනට ගහලා දුවලා ගිහින් මුසෝලීනී ගේ පිටිපස්සෙන් හැංගෙනවා.....
මේ සාතන් එක්කම........
ශිට්.......
අනික මේ වෙද්දී ෆින්ගර් ප්‍රින්ට්ස් හොයාගෙන තියනවා නම් අනිවාරෙන්ම ක්‍රෙඩිට් එක යන්න ඕනේ ඌට.....මොකද ඔය නොසන්ඩාල එකාට තියෙන්නේ එසෙ මෙසේ ඉවක් නෙවෙයී...බලු ඉවටත් එහා ගිය ඉවක් තියෙන්නේ.....
මොකද ගුරා දන්නේ නැද්ද තමන්ගේ ගෝලයා ගැන.......
ඔව් හරියටම හරී.....මම ගුත්තිල නම් ඒකා මූසිල..........
YOU ARE READING
Dark Painting
Non-Fictionඅදුරු සිතුවම...... එක්වුනු දෙසිතක් තුල හිර වුනූ එක් සිතක අකීකරූකමින් බොදවුනූ කාල සිතුවම....... Dark painting... The picture of time, which was disobeyed by one heart trapped in a united world....... ...