"නෑ එපා ........මගේ සයින් එක තියෙන ෆයිල්ස් ටික විතරක් එතෙන්ට දාලා අනිත් ටික තියලා තියන්න............ම්න්.............."
ජීප් එකෙන් බැස්ස මම ගෙට අඩිය තියන්නත් කලින්ම ආව ෆෝන් කෝල් එකටත් උත්තර බැදලා ඉවර වෙලා ෆෝන් එක සාක්කුවට දාගෙන බර හුස්මක් ගත්තා..........වගේම ලස්සනට හදලා තිබුනු ලොකු මිදුල එක්ක තියෙන ගේ දිහා ඇස් උස්සලා බැලුවා........
අලුත් තැනක්........
අලුත් ජීවිතයක්........
මන්දා මට හීනයක් වගේ........
මම කසාද බැදලා මාස පහකටත් කිට්ටු වෙන්න එනවා..........මගේ උවමනාවට කසාද බැදලා නෙවෙයී තනිකරම මගේ අම්මා තාත්තගේ කීමට උවමනාවට කසාද බැදලා.............
මගේ රස්සාව එක්කලා .......මගේ නිල ඇදුම මගේ තත්වේ තරාතිරම එක්කලා .....මට තියෙන වැඩ එක්කල අවංකවම කසාද ජීවිතයක් මහත්තයෙක් කියන්නේ හුස්මක් කටක් ගන්නවත් නිදහසක් නැති මට මහා කරදකාරී දෙයක් උනත් මට සිද්ද වුනා අකමැත්තෙන් හරී මගේ අම්මගේ යෝජනාවට කැමති වෙන්න.......
මොකද මට තියෙනවා මගේ අම්මගෙන් ආව මාරම පුරුද්දක්......දෙයක් කිවුවොත් කිවුවමයී වගේම තමයී ඒ කිවුව දේ කරලමයී ආයේ පස්ස බලන්නේ..............
ඉතින් ඒ වගේ යුනීෆෝම් එක ඕන නම් තවදුරටත් ඒඑස්පි කෙනෙක් විදියට ජොබ් එක කරන්න ඕන නම් මේ කසාදෙට කැමති වෙන්න එයාව කසාද බදින්න කියලා අම්මා මට එක සැරයක් හොදින් කියලා දෙවෙනි සැරේ වෝන් කරලා කිවුවා.........
දෙවෙනි සැරේ වෝන් කරනවා කියන්නෙම මට තුන්වෙනි අවස්ථාවක් නෑ කියන එක දන්න නිසාම කසාද ජීවිතයක් වගේම නොදන්න කෙනෙක් එක්කලා පවුල් ජීවිතයක් ගත කරන්න තියා තුන් හිතේ කොනකින්වත් හිතලා නොතිබ්බ මට එයාව කසාද බදින්න උනා..........
කාවද............
පොලිස් ඒඑස්පි කෙනෙක් වෙච්ච , ධීරූ ශෂූශාධ්ය මිහී ආශිර්වාධ් වෙච්ච මට සෞන්දර්ය පීඨේ කථීකාචාර්ය කෙනෙක් වෙච්ච ප්රථාශ්ය අහසක් වියමන සිද්ධාර්ථ් ව......
ඉතින් එයයී මායී ගැන කියනවා නම්.....
සරලවම එයයී මායී කියන්නෙම අහසයි පොලොවයී වගේ......
YOU ARE READING
Dark Painting
Non-Fictionඅදුරු සිතුවම...... එක්වුනු දෙසිතක් තුල හිර වුනූ එක් සිතක අකීකරූකමින් බොදවුනූ කාල සිතුවම....... Dark painting... The picture of time, which was disobeyed by one heart trapped in a united world....... ...