"මිථූ..........මිථූ......නැගිටින්නෙ නැද්ද ම්ම්......මිථූ......"
අඩ නින්දේ උන්නු මට එයාගේ ඇගිලි මගේ කේශේ දිගේ යන සනීපෙ දැනෙද්දී මම තව ටිකක් හරිබරි ගැහිලා ඇස් දෙක තද කරගත්තා වගේම එයාගේ තොල් මගේ හිස්මුදුනින් තිබ්බ හාදුව එක්කලා බර වෙලා තිබුනු ඇද ලිහිල් වෙද්දී ටයිල් පොලොවේ වදින එයාගේ සපත්තු නොදාපූ මේස් පිටින් ඇවිදින තස් තස් සද්දේ හීනියට උනත් හරි වේගෙන් එහාට මෙහාට යනගමන් උන්නා......වගේම මගේ වගේ මහා හුගක් නහය කඩාගෙන යන සැරක් නැති එයාගේ හීනී ෆ්රේග්ග්රන්ස් එකක් තියන පර්මිෆියුම් සුවද මගේ නාස් පුඩු වලට හොදටම දැනුනා.......
උදේට එයා සද්ද බද්ද කරනවා හරි අඩුයී....මගෙයි මගේ කෙල්ලගෙයී නින්ද කැඩෙයී කියලා.......
"යෙස්....ඩැඩා නෑ නෑ මට අද ඩේ එක.....හොස්පිට්ල් එකට ගිහිල්ලා එහෙම්ම යුනී එකට එන්නම්.. ඇවිත් යන්න බෑනේ ඩැඩා...මම එයාට කිරි දොවලා තිබ්බා......"
"එන්නම් කියන්නෙ ඔයා එක සැරේ වැඩ කියක් කරන්නද වෛශ්නාව් .....කෝ අර මගෙ බෑනා කියන එකා........ඒක ඉන්නවද ඕකා ඔය ළඟ පාතක දෙන්න ෆෝන් එක......"
"ළඟ නම් ඉන්නවා...ෆෝන් එක දුන්නට කතා කරයිද නම් දන්නේ නෑ.......එයා තාම නිදිනේ ඩැඩා ...."
"නිදි....නිදි කියන්නේ නිදාගෙන හිටියම හරිද මං අහන්නේ දැන් වෙලාව කීයද .....ඇරත් දැන් ඔය නසරානියට තේරෙන්නෙ නැද්ද නිදාගෙන ඉන්නවට වඩා කරන්න වැඩ තියනවා කියලා...හොස්පිට්ල් එක බලන්න කිවුවට කරන්නෙ නෑ.....කැම්පස් එක බලන්න කිවුවට බලන්නේ නෑ......සාමාන්‍ය දොස්තරයෙක් වගේ උදේ යනවා හවස එනවා.....යකෝ මේ සල්ලි කදක් තියාගෙන මාසෙ පඩියට ඇයි ඕකා ඔය වැඩ කරන්නේ නසරානියා නසරානිය....ඕකා කරන්නෙම මගේ ලේ ටික කෝප කරන එක.....ඇයි යකෝ දැන් තාත්තා කෙනෙක් වගේ හිතන්න ඕනේ කාලේ නේද ආ....ආ නිදාගෙන හිටියම ඔක්කොම හරිද මම අහන්නේ ආ........හරිද.....තාමත්....තාමත් අර කලින් පරන නසරානියම තමයි ඉන්නේ.....ඊයේ යුනී එකේ ඕල්ඩ් පාර්ටියට ඇවිත් බැජ්මේට්ලා එක ඩීන් සෑර් සූර් ගාලා මට බඩගාගෙන ලෙවකාගෙන කතා කර කරලා යද්දි කැත නැතුව මගේ කාර් එකේ හුලං ඇරලා.....යකෝ රෝද හතරේම.......ඔක්කොටොම හපන් යකෝ
ස්පෙයාර් වීල් එකත් අරන් ගිහිල්ලා.....හරි ඒක තිබිලත් වැඩැක් නෑනේ ඇයි යකෝ රෝද හතරේ හුලං ගියාම ස්පෙයාර් වීල් එක තියාගෙන මම අහවල් එකක් කරන්නද.......මම මේ තාම කල්පනා කරන්නේ මගේ අතේ යතුර තියෙද්දී මේකා කොහොමද ඩිකිය ඇර ගත්තේ කියලා.....අම්මපා මුගෙ අම්මට.....යකෝ කාලෙකට කලින් දාලා ආව රටේ තිබ්බ නියම
සුද්ද සිංහල මට මතක් වෙනවනේ....මුගේ අම්මා මගෙ නංගී කියලත් අමතක වෙනවා.....මූ නම් මගේ ආත්මගත ණය කාරයෙක්.....මම කෙල්ල වෙලා මූ කොල්ලා වෙලා මුගෙන් කාලා බීලා තඩි බූටක් මූට තියලා කලින් ආත්මෙක.......ඇයි යකෝ......කොයි වෙලේ හරි මම මැරෙන්නෙ මූ නිසා නහරයක් ගහලා.....වෙන මාමන්ඩිලා බෑනලා කොහොමද ඉන්නේ......මේ ගිය සතියේ අර ජේම්ස්ගේ බෑනා ඇනවසරී එකට ජේම්ස්ට බ්‍රෑන්ඩ් නිවු කාර් එකක් දීලා....ඒකට යකෝ මගේ බෑන.......මූ නිසා හෙට අනිද්දා වෙද්දී මට කැත නැතුව පාරට බහින්න වෙන්නේ.........හිගා කන්න වෙන්නේ ඇවිල්ලා හිගා ගන්න.......මම මෙච්චර කෑගහලත් ඕකාට තාම කරමත කියලා නම් මට කියන්න එපා වෛශ්නාව් හරී........"
YOU ARE READING
Dark Painting
Non-Fictionඅදුරු සිතුවම...... එක්වුනු දෙසිතක් තුල හිර වුනූ එක් සිතක අකීකරූකමින් බොදවුනූ කාල සිතුවම....... Dark painting... The picture of time, which was disobeyed by one heart trapped in a united world....... ...