"කියන්න............නෑ හොස්පිට්ල් එකේ.........නෑ නෑ...........අපිට ඉන්නවා අදුර ගන්න සුපර් හීරෝස්ලා තුන් දෙනෙක්..........එක්කෙනෙක් නම් ඔයා දන්නවා බබා........ඩොක්ටර් ශාලික්.........අනිත් දෙන්නගේ මූනු දෙක මේ මම දැන් බලන්න යන්න කියලා හැදුවා විතරයී.......හ්ම් හ්ම්.......මේ තුන් දෙනාට මහා රෑ දෙගොඩ හරියේ මෝචරියේ නොසෑහෙන්න වැඩලුනේ........ම්හ්......ශාලික් වගේ උස කෙට්ටූ උපාසක බලල්ලූ දෙන්නෙක්........තුනම එකට තියලා එල්ලුවා නම් හරී මෝචරියෙම.........ඕනෙ නැති ලබ්බවල් අස්සට ඇගිලි ගහන්න යනවට............"
මගේ ගමන නතර වුනා........
රවුම් මේස උඩ තිබ්බ ස්පීකර් ඔන් කෙරුව ෆෝන් එකෙන් නිවුගේ කේන්තිකාර කට හඩ ඇහෙද්දී උණ විකාරෙන් හීනෙන් බය වෙලා ඇහැරුනු කෙල්ලව උරහිසට වඩාගෙන ඇවිදින ගමන් උන්නූ මගේ කකුල් මේසෙ ළඟදී නැවතුනා වගේම ඇහුනු දේ එක්කලා හීනී කේන්තියක් මෝදූ වෙද්දී සම්පූර්ණයෙන්ම ඇරුනු කාමරේ දොරෙන් කොට්ට ලෝකෙකට මැදි වෙලා සනීපෙට නිදාගෙන උන්නු කොල්ලට බැල්මක් දුන්නු මම කොල්ලවත් හොදට පේන තැනකට ඇද ගත්තු පුටුවෙන් ඉදගෙන කෙල්ලව හරහට අරන් පපුවට තුරුලු කර ගත්තා............වගේම හීනේ නිසා බයවෙලා මගින් කැඩෙන නින්ද අස්සෙ උන්නු කෙල්ලගේ ඇබිත්තන් දෙතොල් අස්සට මගේ තන පුඩුවක් හිර කරලා අසනීප නිසාම ඒ සාමාන්‍ය රස්නෙට වඩා වැඩි රස්නයක් ගේන නලලට හාදුවක් තිබ්බා............
ශාලික්...........
ඩොක්ටර් ශාලික්..........
මේ කේසස් වලින් අහු වෙන බොඩීස් භාර වෙන ගවර්මන්ට් ඩොක්ටර්ස්ලා අතරේ කෙනෙක්.........මම හරි නම් වයසක ඩොක්ටර්ස්ලා පහකට ඉන්න එකම තරුන දොස්තර මහත්තයා ..........අහලා තියෙන විදියට සහ දැකලා මම තීරනය කෙරුව මගේම නිගමනේට අනුව නම් ඌ වයසින් තරුන උනාට වැඩ වලින් තරුන නෑ කොහෙත්ම........
කීපවතාවක් ම දැක්ක ඒ රූපේ මගේ හිතේ ඇදිලා මැකිලා ගියා...........
උසයි කෙට්ටුයී........සුදුයි........බහුතරය ඩොක්ටර්ස්ලට තියෙනවා වගේ......"දැක්කත් ඇත්ත ලෙඩ හොද වෙන්න " ජාතියේ හැන්ඩ්සම් බේබී බෝයී ටයිප් ලුක් එක...............
මගේ රාජකාරී අත්දැකීම් වලට පිංසිද්ද වෙන්න කෙනෙක්ගේ භාහිර රූපේන් ඇතුලාන්තය ගැන අදහසක් ගන්න පුලුවන්කම තිබ්බ නිසාම ලගට ගිහින් කතා නොකෙරුවට මම ඌ දිහා දුර ඉදන් බලාගෙන හිටියා .......වගේම මම දැක්කා ඌත් මා දිහා සෑහෙන්න වෙලාවක් බලාගෙන උන්නා කියන්න.............
YOU ARE READING
Dark Painting
Non-Fictionඅදුරු සිතුවම...... එක්වුනු දෙසිතක් තුල හිර වුනූ එක් සිතක අකීකරූකමින් බොදවුනූ කාල සිතුවම....... Dark painting... The picture of time, which was disobeyed by one heart trapped in a united world....... ...