Dark Painting 💖🖤 24

441 75 25
                                    

"මේක එන්න එන්න සංකීර්ණ වෙනවා......අපිට තව දුරටත් මේ තත්වේ මාධ්‍ය වලින්වත් මිනිස්සුන්ගෙන්වත් හංගගෙන ඉන්න පුලුවන් වෙයි කියන එක මම හිතන්නේ නෑ........"

ලී මේස උඩ තියලා තියෙන සීල් කරපු වතුර බෝතලේන් අඩමානේට පේන මගේ අතේ තිබ්බ පෑනේ කැරකෙන චායාව දිහා බලාගෙන උන්නූ මගේ මූනට ඇහුනු වචන එක්කලා ඇවිත් තිබුනු තොලග වක් වෙච්ච වියරූ හිනාව හැමෝටම මගෑරිලා තියෙද්දී මගේ ජීවිතේ මම අකමැතිම මහාම මහා එපාම එපා කරපු දෙයක් මම කරන ගමන් උන්නා.....

මොකද්ද .........

හ්හා.......කොන්ෆරන්ස් .......මීටින්.........මීටින්.......කොන්ෆරන්ස් ආයෙම කොන්ෆරන්ස් ........මීටින් ...........

නින්ද යන වැඩ මේවා.....

මේක තරම් එපා වෙන මලවාත වැඩක් තවත් නැතුව ඇතී.....මම මේකට ඒකාලේ ඉදන්ම ආස නෑ.......කොයි කාලේ ඉදන්ද කිවුවොත් ඉස්කෝලේ යන කාලේ ඉදන්ම.......හෙඩ් බෝඩ් එකට මීටීන් එකක්.......බොක්සර්ස්ලාට මීටින් එකක්........කැඩෙටර්ස්ලාට මීටින් එකක්....ඉස්කෝලේන් පස්සේ ට්‍රේනින් වලට ගියාම කැඩෙටර්ස්ලට කොන්ෆරන්ස් පැය භාගෙන් සීනියර්ස්ලා හෝල් යන්න.......සීඑස්ම්ලාට කොන්ෆරන්ස් .......ආර්එස්ම්ලාට කොන්ෆරන්ස් ..........ඊටත් පස්සේ පොලිස් ට්‍රේනින් කොලේජ් එකේදී ට්‍රේනින් එස්අයිලට කොන්ෆරන්ස් .........ඊටත් ඊටත් පස්සේ එස්අයිලට........ඒඑස්පිලට.......එස්එස්පිලට......ඒත් කොන්ෆරන්ස් .....මීටීන්........

අවසානේ දී ඩීඅයිජී වෙලත් මම තාමත් කොන්ෆරන්ස් එකක.....ඒත් නැත්තන් මේ මොහොතේ නම් මීටීන් එකක වාඩි වෙලා ඉන්නවා.......

කීයටද යකෝ මේක ඉවර වෙන්නේ.......

මගේ හිත මගෙන් ම ඇහුවත් හිතට ඕන බයිලයක් ගහගනින් කියලා මම මගේ ඉස්සරහ තිබුනු වතුරු බෝතලෙන් ඇස් දෙක අරගෙන මල්ටි මීඩීයා එක ලගින් නතර කර ගත්තා.......

"අපි මෙතෙන්ට ආවේ මම කියවනකන් තමුන්ලට බලාගෙන ඉන්න නෙවෙයි ඔෆිසර්ස්........කතා කරනවලා........"

ලොක්කා කෑ ගහනවා.......

යන්න ආව ඈනුම හකුපාඩා තද කරගෙන නතර කරගත්තු මම ලොක්කාට හැගීමක් හොයන්ම බැරි බැල්මක් දුන්නා.........

Dark Painting Where stories live. Discover now