Dark Painting 💖🖤 03

900 120 78
                                    

"අදත් ලස්සන දවසක්......මගේ අහසක්ට සුභම සුභ උදෑසනක් ......සතුටින් හිනාවෙලා පරිස්සමට ඉන්න ඕනේ මගේ අහසක්............."

පුරුදු විදියටම .....අවුරුදු හතරහමාරක් කරා වගේම අදත් මම පාන්දර නැගිට්ට ගමන් අපේ කාමරේ තියන එයාගේ මගේ ලොකූ ෆොටෝ එක ලග හිටගෙන එයාගේ රූපෙ පුරාවටම ඇගිලි තුඩු ගෙනියන ගමන් කතා කෙරුවා වගේම අවසානේ ඇගිලි තුඩින් ඉස්සිලා ඒ නලලින් හාදුවක් තිබ්බා.........

මට මේක හුරු කරේ එයා.........

එයා එක්ක ඉන්න කාලේ හැම උදේකම මාව ඇහැරවන එයාගේ ආදරනීය ඇගිලි පහස මගේ කේශේ පුරාවටම යද්දී ඇස් කෙවෙනි අරින මොහොතේ මගේ ඇස් කෙවෙනි වලට අහුවෙන්නේ හිනා වෙන ඒ ඇස් වගේම ඒ ආදරනීයම කට හඩ වෙද්දී ඒ මතක අස්සේ උන්නූ මගේ ඇස් අදත් අවුරුදු හතරහාමාරක් පුරාවටම උනා වගේම තෙත් වුනා.........

වෙනස් නොවුනු උබ ලග උන්නූ මම වෙනස් වුනා අහසක්.......නෑ හරි අපූරුවට උබ මාව වෙනස් කෙරුවා.....

අවුරුදු හතරහමාර අස්සේ කොච්චර දේවල් වෙනස් උනාද නේ...කොච්චර දේවල්......

හිතක් පපුවක් නැති මට උබ හරී අපූරුවට ආදරේ කියලා දුන්නා......ආදරේ විදින්න වගේම ආදරේ කරන්න........ඔහේ තිබ්බ ජීවිතේට පාට පාට..... පාට ගාලා ලස්සන කරලා.......හිස්කමක් පාලුවක් නැති වෙන්න ආදරනීයම අහිංසක හිත් දෙකක් මට දීලා...........

"හැමදාම ලග ඉන්නවා....බය වෙන්න එපා දාලා යන්නේ නෑ........ " කියලා දුන්නු පොරොන්දු හරි අපූරුවට බිදල දාලා උබ නොයෙන්නම ගිහිල්ලා...........

නොයෙන්නම.....

උබ නැතුව උබ එක්ක  ජීවත් වෙන විදිය මට කියලා දුන්නේ උබ මාව දාලා යන්න ඕනකමකමට කියලා මම දන්නවා නම් අනෙ සත්තමයී මම උබ නැතුව උබ එක්ක ජීවත් වෙන්න උබෙන් පුරුදු වෙන්න තියා හිතන්නෙවත් නෑ මගේ අහසක්......හිතන්නෙවත් නෑ අප්පච්චී ........

ඉකියක් පිට නොවුනු මගේ කොපුල් දිගේ උනු කදුලු පිනි ඔහේ රූටද්දී ජීවී අජීවී මතක අස්සේ අතරමං නොවී  අතරමං වෙලා උන්නූ මගේ මූනට ආව හිනාව එක්ක ඇහුනු කටහඩ පැත්තට මම හැරුනා..........

"අම්මියෝ...."

"ඕ මගේ පුතූ......ඇයි ම්ම්......දොයින්නන...තාම උදේ වෙලා නෑ......"

Dark Painting Where stories live. Discover now