Chapter 11~

869 119 13
                                    

----------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

----------------------------------

ඊළග දවසත් උදා උනා.. ඒ ඉරිදා දවසක්.. ඇදෙන් දැනුන පහසුව නිසා ජන්කුක්ට වැඩියෙන් නින්ද ගියා.. ජන්කුක් අවදි වෙද්දි උදේ නවයත් පහුවෙලා.. ටේහ්‍යුන්ග්නුත් ජන්කුක්ව ඇහැරවන්න ගියේ නැත්තේ ඇගට අමාරු ඇති කියලා..





><




නවයත් පහුවෙලා ඇහැරුන ජන්කුක් එයා හිටිය රූම් එක දැකලා ටිකක් ශොක් උනත් පස්සේ හැමදේම මතක් වෙලා ලාවට හිනාවුනා..

ඇදෙන් බැහැලා වොශ් රූම් එකට ගිය ජන්කුක් හොට් වෝටර් තිබිලත් සීතල වතුරෙන්ම වොශ් එකක් දාගෙන ලොකු බේබි පින්ක් හූඩි එකකුත්, සුදු පාට පුංචි ශෝට් එකකුයි දාගෙන ජන්කුක් පුංචි ඩෝල් කෙනෙක් වගේ පල්ලෙහාට ආවා..

ජන්කුක් පහළට ගියත් ටේහ්‍යුන්ග් පහළ හිටියේ නෑ.. වටපිට බල බල පඩිපෙළ බැහැපු ජන්කුක් හෙමින් කිචන් එක පැත්තට ගියා..

ටේහ්‍යුන්ග් නැතුව කන්න දෙයක් හදාගන්නත් ජන්කුක් පැකිලුනා.. හෙමින් කිචන් එක වටේ ඇවිදපු ජන්කුක් ෆ්‍රිජ් එක ලගට යද්දි ටැනීත් කොහෙදෝ ඉදන් දුවගෙන ආවා..

Jk-"ඔහ් ටැනී! කෝ ඔයාගේ අප්පා.."

ටැනීව වඩාගෙන හුරතල් කරපු ජන්කුක් දැක්කේ ෆ්‍රිජ් එකේ අලවලා තියන පොඩි නෝට් එක..

මන් එළියට යනවා, ඔයාට ගන්න බෙහෙත් වගයක් තියනවා.. ඩයිනින් රූම් එකේ කෑම ඇති, ඔයා කන්න.. බෙහෙත් ටික බොන්න මතක් කරලා.. ටැනීට කන්න දුන්නා මන්.. දොරවල් වහගෙන ඉන්න.. කවුරුත් ආවට දොර අරින්න එපා.. ඇතුලටම වෙලා ඉන්න..!

ටේහ්‍යුන්ග් අලවල ගිය නෝට් එක කියෙව්වම ජන්කුක්ට අමුතුම හැගීමක් දැනුනා.. මොකද කවුරුත් ජන්කුක් ගැන මෙහෙම හොයලා බලලා නෑ.. අනිත් එක ඒ නෝට් එක.. ඒක හරියට Possesive Boyfi කෙනෙක්ගේ නෝට් එකක් වගේ..

ᴠᴇʀɢ!ɴ ʜᴇᴀʀᴛ || ᴛᴀᴇᴋᴏᴏᴋ || 🔞Where stories live. Discover now