![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ----------------------------------
ජන්කුක්, ටේහ්‍යුන්ගේ මැන්ශන් එකට ඇවිත් දැන් මාස දෙකකටත් වැඩිය ගෙවිලා.. බොරු කියන්න ඕනි නෑනේ, ජන්කුක් ඒ දවස් ටික පුදුම තරන් සතුටින් ගෙව්වා.. ඒ වගේම, තමන් හිතන් හිටිය තරන් ටේහ්‍යුන්ග් නරක කෙනෙක් නෙවෙයි කියලා ජන්කුක් තේරුම් ගත්තා.. ඒ නිසා ජන්කුක් දැන් ටිකෙන් ටික ටේහ්‍යුන්ග් එක්ක කතාකරන්න, හිනාවෙන්න පටන්ගත්තා.. ජන්කුක්ගේ හිතේ, ටේහ්‍යුන්ග් ගැන යාලුකමක් ඇතිවෙන්න ගත්තා !!
ඒ වගේම, ටේහ්‍යුන්ග්, ජන්කුක් දෙන්නා නොවරදවාම හැමදාම ජීයූන්ව බලන්න ගියේ කොලේජ් ගමන ටික දවසකට නතර කරලා.. ඒත්, ටේහ්‍යුන්ග් ඒ හැමදේම ජන්කුක් එක්කම ඔන්ලයින් ඉගනගත්තා.. ජීයූන්ගේ ඊළගට ස'ජරි එකට අවශ්‍ය සල්ලි ටිකක් ජන්කුක් එකතු කරගෙන තිබුණා.. ඒ නිසා අනිත් සල්ලි ටික හොයාගන්න ජන්කුක්, ක්ලබ් එකෙන් අයින් වෙලා යුන්ගිවත් එක්කගෙනම කැෆේ එකක වැඩකරන්න පටන්ගත්තා.. ඉතින්, ඒ අදහස ටේහ්‍යුන්ගේ !! තව දෙයක්, ජන්කුක්ව ඕනවටත් වඩා හිතට අල්ලපු ටේහි, ටේහ්‍යුන්ගේ මැන්ශන් එකේම නැවතිලා ටේහ්‍යුන්ග් යන කොලේජ් එකටම යන්න පටන්ගත්තා..
><
වෙනදා වගේම පාන්දර පහට විතර නැගිටපු ටේහි පහළට යන්න හැදුවේ කෑම හදාගෙන කොලේජ් යන්න.. ඒත්, පහළට ආපු ටෙහි දැක්කේ කිචන් එකේ කවුන්ට' එකට හේත්තු වෙලා ඉන්න ජන්කුක්ව..
Kt-"ජන්කූ.. මොකද මේ උදේම ඇහැරගෙන.."
ටේහි අහද්දි ජන්කුක් හිනාවෙලා ලිප මත තියන සිල්වර් බාජනේ දිහා බැලුවා.. බාජනේ වතුර උණුවෙමින් තිබුණා..
Jk-"ඔයා ගිහින් ටිකක් නිදාගන්න.. මම කෑම හදන්නම්.."
උණු වෙලා තියන වතුර භාජනේ ලිපෙන් අයින් කරන ගමන් ජන්කුක් කියද්දි ටේහි හිනාවුනා..

YOU ARE READING
ᴠᴇʀɢ!ɴ ʜᴇᴀʀᴛ || ᴛᴀᴇᴋᴏᴏᴋ || 🔞
Teen Fiction❝ ඔවු, අවසානෙදි මන් මගේ තැන තේරුම් ගත්තා.. මාව ගැලපෙන්නේ Club එකක ඇදක් උඩට මිසක්, ඔයාගේ තුරුලට නෙවෙයි ටේහ්‍යුන්ග්.. පරවුණු මලකට කවදාවත් බෑ නැවුම් මල් කිනිත්තක් එක්ක පෑහෙන්න.. ඉතින්, සමාවෙන්න.. මට වෙනවා මේ හැමදේම අත් අරින්න, මේ හැමදේටම තිතක් තියන්න...