----------------------------------
ඊළග දවසත් උදාවුනා.. උදෑසන දහයට විතර ඇති.. ටේහ්‍යුන්ග් හිටියේ මිරර් එක ඉස්සරහට වෙලා තමන්ගේ කොණ්ඩය හදන ගමන්.. ටේහ්‍යුන්ග් ලෑස්ති කිම් මැන්ශන් එකට යන්න.. මොකද, නැත්තන් තමන්ගේ අප්පා තමන්ව හොයාන තමන්ගේ මැන්ශන් එකටම එනවා කියලා ටේහ්‍යුන්ග් දන්නවා.. අප්පා ඇවිත් කණෙන් ඇදගෙන යනවට වඩා තමන්ම යන එක හොදයිනේ..!
කොණ්ඩෙත් හදාගෙන Watch එකත් බැදගත්ත ටේහ්‍යුන්ග්, කම්මැලි කමෙන් තමන්ගේ ඇද උඩ ගුලි වෙලා ඉන්න ටැනීව එක අතකට අරන් අනිත් අතින් කා' කී එකත් අරගෙන පල්ලෙහාට ගියා..
එක අතකට වෙලා කිරි පණුවා වගේ දගලන ටැනීවත් කා' එකේ දොර ඇරලා ශීට් එකක් උඩට විසිකරපු ටේහ්‍යුන්ග් අනිත් පැත්තෙන් ගිහින් කා' එකට නැන්ගේ තමන්ව ගිලින්න වගේ බලාගෙන ඉන්න ටැනීව ගනන් නොගෙන..
Th-"ඔහොම බලන්න එපා.. සෝල් වල පාරක් මැද දාලා එනවා හරිද..!"
ටැනීට තර්ජනය කරපු ටේහ්‍යුන්ග් කා' එක ස්ටා'ට් කලේ, ටැනී මූණ අමුතු කරගෙන මුළු ඇගම ශට' එක පැත්තට හරවගද්දි..
කා' එක ස්ටා'ට් කරගෙන පාරට දාපු ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ දොර වහලා දාපු පුංචි නිවස දිහා බලාගෙන ලාවට හිනාවුනා.. ජන්කුක් කොලේජ් ගිහින් ඇති.. හැමදාම හවසට ජන්කුක්ගේ පස්සෙන් ගිහින් ගේට්ටුවෙන් කෑම එක එල්ලන්න ටේහ්‍යුන්ග් බාරදුන්නේ පීට්, වේගාස් දෙන්නට.. ජන්කුක් හැමදාම ඒ කෑම තියන කෙනා කවුද කියලා නොදැන කෑම එක විසිකරත් ටේහ්‍යුන්ග් හැමදාමත් ගේට්ටුවෙන් කෑම එක එල්ලුවා.. ටේහ්‍යුන්ග් කියන්නේ වැඩක් ලේසියෙන් අතාරින කෙනෙක් නෙවෙයි..!
YOU ARE READING
ᴠᴇʀɢ!ɴ ʜᴇᴀʀᴛ || ᴛᴀᴇᴋᴏᴏᴋ || 🔞
Teen Fiction❝ ඔවු, අවසානෙදි මන් මගේ තැන තේරුම් ගත්තා.. මාව ගැලපෙන්නේ Club එකක ඇදක් උඩට මිසක්, ඔයාගේ තුරුලට නෙවෙයි ටේහ්‍යුන්ග්.. පරවුණු මලකට කවදාවත් බෑ නැවුම් මල් කිනිත්තක් එක්ක පෑහෙන්න.. ඉතින්, සමාවෙන්න.. මට වෙනවා මේ හැමදේම අත් අරින්න, මේ හැමදේටම තිතක් තියන්න...