----------------------------------
After 2 Months~
ඔරලෝසුවේ කටු වේගෙන් කැරකෙද්දි මාස දෙකකුත් ගෙවිලා ගිහින් තිබුණා.. අද, දෙසැම්බර් මාසේ එක දවසක්.. නත්තල පහුවෙලා ඕනෙනම් දවස් පහක්-හයක් ගෙවිලා යන්න ඇති.. හැබැයි, නත්තලේ සීතල තවමත් ඒ විදියටම පැවතුනා..
වෙලාව හවස පහ පහුවෙලා.. ටේහ්යුන්ග් තාමත් ඔෆිස් එකේ.. චෙක් කරන්න ෆයිල්ස් දෙක තුනක් ඉතිරි වෙලා තිබුණ නිසා ටේහ්යුන්ග් ශීට් එකෙන් නැගිටලා කැෆටේරියා එකට ගියේ කොෆී එකක් හදාගන්න හිතාගෙන.. වෙනදටනම් සෙකට්රිට කියලා කොෆී එකක් ගෙන්න ගත්තත් අද සෙකට්රි කලින්ම ගෙදර ගිහින් තිබුණා.. දන්නවද, ටේහ්යුන්ගේ අලුත්ම සෙකට්රි යුන්ගි බව..
දැණුන සීතලත් ඉවසගෙනම උණුවෙන්ම කොෆී එකක් හදාගත්ත ටේහ්යුන්ග් ආයෙත් කැබින් එකට ආවා.. කොෆී එක ටේබල් එක උඩින් තියපු ටේහ්යුන්ග් ටිකක් හිත සැහැල්ලු කරගෙන ආයෙත් ශීට් එකෙන් ඉදගත්තා.. වූබින්ගේ වගකීම එහෙන් පිටින්ම ටේහ්යුන්ගේ කරපිට පැටවිලා තියෙද්දි, ටේහ්යුනුත් අහිතක් නොහිතා ඒ වැඩ සේරම තිතටම කලා !!
><
වෙලාව රෑ අටට ලංවෙලා තියෙද්දි ටේහ්යුන්ග් ශීට් එකෙන් නැගිටලා කෝට් එක අතට ගත්තේ ගෙදර යන්න.. උදේ ආව වෙලේ ඉදන් ජන්කුක්ගෙන් කෝල් එකක් තියා අඩුම මැසේජ් එකක්වත් නැතිවෙද්දි ටේහ්යුන්ග් හිටියේ ලොකු ස්ට්රෙස් එකකින්.. මොකද, ටේහ්යුන්ගේ ස්ට්රෙස් එක නැතිකරන්න ජන්කුක්ගේ එක වචනෙකට පුළුවන් උනා.. ඉතින්, ජන්කුක්ගෙන් එකම එක මැසේජ් එකක්වත් නැතිවෙද්දි ටේහ්යුන්ගේ හිත හරියට පෑරුණා ඒ ගැන හිතලම..
YOU ARE READING
ᴠᴇʀɢ!ɴ ʜᴇᴀʀᴛ || ᴛᴀᴇᴋᴏᴏᴋ || 🔞
Teen Fiction❝ ඔවු, අවසානෙදි මන් මගේ තැන තේරුම් ගත්තා.. මාව ගැලපෙන්නේ Club එකක ඇදක් උඩට මිසක්, ඔයාගේ තුරුලට නෙවෙයි ටේහ්යුන්ග්.. පරවුණු මලකට කවදාවත් බෑ නැවුම් මල් කිනිත්තක් එක්ක පෑහෙන්න.. ඉතින්, සමාවෙන්න.. මට වෙනවා මේ හැමදේම අත් අරින්න, මේ හැමදේටම තිතක් තියන්න...