Chapter 15~

998 117 31
                                    

----------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

----------------------------------

ජන්කුක් හිටියේ තමන්ගේ නිවසේ ගේට් එක ලොක් කරන ගමන්.. දවස් ගානකින් කොලේජ් එකට නොගිය නිසා ජන්කුක් තීරණය කලා අදවත් කොලේජ් යන්න..

ගේට් එක ලොක් කරලා දාපු ජන්කුක් පටු පාර දිගේ ඇදුනේ කොලේජ් එක දිහාවට.. වෙනදට කොලේජ් යන්න කලින් තමන්ගේ හුරතලේව බලන්න ගියත්, කලින් දවසේ ජන්කුක් ගොඩක් වෙලා එයත් එක්ක හිටියා.. අනිත් එක, ජන්කුක්ට ගොඩක් මහන්සී.. කලින් දවසේ නිදාගද්දිත් දොළහට විතර ඇති.. වේලෙමින් තිබුණ තුවාල පෑරුණ නිසා, ඒවා තවමත් වේදනා දෙනවා.. ජන්කුක්ට ඒවා පුරුදු නිසා ජන්කුක් ඒ දේ වැඩිය ගාණකට ගත්තේ නෑ..

ජන්කුක් පටු පාර දිගේ ඉදිරියට යද්දි ජන්කුක් ගෙදරින් එළියට එනකන් බැල්කනි එකට වෙලා ලෑස්ති වෙලා බලාගෙන හිටපු ටේහ්‍යුන්ග්, ජන්කුක් කොලේජ් යුනිෆෝර්ම් එකත් ඇදගෙන එළියට එනවා දැකලා ටැනීවත් වඩාගෙන පළලෙහාට දුවගෙන ආවා..

තමන්ගේ කළු පැහැති කා' එකේ ඉස්සරහා ශීට් එකෙන් ටැනීව තියපු ටේහ්‍යුන්ග් ඉක්මණින් කා' එක ස්ටා'ට් කරගෙන පාරට දැම්මා..

ඉක්මණින් ජන්කුක්ගේ පස්සෙන් කා' එක ඩ්‍රයිව් කරගෙන ගිය ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ මට්ටමින්ම කා' එක නැවැත්තුවා..

ජන්කුක් බෑග්පැක් එකේ පටියත් තදකරගෙන බයෙන් වගේ කා' එක දිහා බැලුවත් ජන්කුක් අදුරගත්තා ඒ කා' එක කාගෙද කියලා.. කා' එක ටේහ්‍යුන්ගේ කියලා අදුරගත්ත ජන්කුක් ඉකමණින් එතනින් ඉස්සරහට ඇදුනේ ටේහ්‍යුන්ග් ග්ලාස් එකත් පාත් කරගෙන ආයෙත් ජන්කුක්ගේ පස්සෙන් ඩ්‍රයිව් කරද්දි..

ජන්කුක් වේගෙන් වේගෙන් ඇවිදගෙන යනවා දැකපු ටේහ්‍යුන්ග්, කා' එක වේගෙන් ඩ්‍රයිව් කරලා ජන්කුක්ට ඉස්සරහින් නවත්තලා කා' එකෙන් බැස්සේ ටැනී බාගෙට විවර වුන ග්ලාස් එකට කකුල් දෙක තියාගෙන ජන්කුක්ට නැට්ට වනද්දි..












ᴠᴇʀɢ!ɴ ʜᴇᴀʀᴛ || ᴛᴀᴇᴋᴏᴏᴋ || 🔞Where stories live. Discover now