|22|

871 179 33
                                    

ජන්කුක් නවත්තපු කුලී රතයෙන් ඉක්මනින් බැහැලා මුදල් ගෙවලා තමන්ගේ බෑග් එක අතට ගන්න ගමන් හොද හුස්මක් ගත්තා...ගොඩනැගිල්ලේ පඩි කිහිපය ඉක්මනින් නැගලා දොර තල්ලු කරන ගමන් කලබලෙන් ඇතුලට ආපු ජන්කුක් මේසේ උඩට වෙලා කන්නාඩියත් දාගෙන වැඩ කරන ගමන් ඉන්න ටේහ්‍යොන්ග් දිහා බලලා සැනසුම් හුස්මක් පාතට දැම්මා...

"මම හොදටම බය උනා... හදිසියක් කියලා...."

ටේහ්‍යොන්ග් ජන්කුක්ට රෝහලට පණිවිඩයක් යවලා තිබුනා ඉක්මනට කාර්‍යාලයට එන්න කියලා...

බෑග් එක පුටුවක් උඩින් තියන ගමන් ජන්කුක් ඇතුලට ඇවිදගෙන ආවා... ඒත් වැඩි දුරක් අඩිය නොතියා තමන්ගෙ අතින් නහය වහගත්තා..

"මොකක්ද ඒ එන අමුතු ගද..."

"වචන වරද්දගන්න එපා ජෝන්.. මගේ දේවල් වලට ගදයි කියනවට මම කැමති නෑ..."

පුටුව පිටිපස්සට හේත්තු වෙන ගමන් ටේහ්‍යොන්ග් කීවා..

"ඒ උනාටම මට හොදටම විශ්වාසයි මේ ගද එන්නේ ඔයාගේ දේකින් නෙවෙයි කියලා ටේහ්‍යොන්ග්...."

ටේහ්‍යොන්ග් දිහා බලලා කාර්‍යාලයේ කෙලවරකට වෙන්න දිග මේසය උඩ තියලා තිබුනු පෙට්ටිය දිහාට ඇවිදගෙන යන ගමන් ජන්කුක් කීවාම ටේහ්‍යොන්ග් හිනා උනා...

"ආහ්.. මොනවද මේ..."

එහාට උන පියනෙන් ඇතුල බලලා පිටිපස්සට වෙන ගමන් ටේහ්‍යොන්ග් දිහා බලල ජන්කුක් ඇහුවාම ජන්කුක්ගේ අවුල් උනු මූන දිහා බලන් ටේහ්‍යොන්ග් හයියෙන් හිනා උනා..

"ඇත්තටම ජෝන් ඩොක්ටර් කෙනෙක් උනේ හොරට විභාග කරලද..."

ජන්කුක් නපුරු විදියට බැලුවම තවමත් හිනා වෙන ගමන් ටේහ්‍යොන්ග් අමාරුවෙන් හිනාව නතර කරගත්තා....

"හරි..හරි මම පැහැදිලි කරන්නම්...."

පුටුවෙන් නැගිටලා ඇවිදගෙන එන ගමන් ටේහ්‍යොන්ග් ග්ලව්ස් දෙක දාගත්තා...පියන ටිකක් එහාට කරන ගමන් විනිවිද පෙනුනු ඉටිකවරේ එහාට කරපු ටේහ්‍යොන්ග් කලු ගැහෙමින් තිබුනත් සුදු පාටින් පේන අස්ති කැබැල්ලක් පෙන්නුවා... ඒ වගේ අස්ති සෑහෙන ප්‍රමාණයක් පෙට්ටිය ඇතුලේ ඉටි කවරෙන් ආවරණය වෙලා තිබුනා....

• 𝐒𝐎𝐌𝐄𝐃𝐀𝐘... •ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now