ටේහ්යුන් තමන් එක්ක හිනාවෙලා වාඩිවෙන්න කියලා ඉඟි කරද්දි ජන්කුක් අපහසුවෙන් හිනාවෙලා වාඩිවුණේ ටේහ්යුන් හිනාවෙවී එයා දිහා බලාගෙන ඉන්න නිසා....ජන්කුක් හිතන් හිටියෙ මිස්ට කිම් කියන්නෙ ආඩම්බරකාර නපුරු කෙනෙක් කියලා....ඒ වගේ මනුස්සයෙක්ගෙන් මෙහෙම හිනාවක් ජන්කුක් බලාපොරොත්තු වුණේ නෑ....
ඒ අතරෙ ටේහ්යුන් හිටියෙ තමන් ඉස්සරහ ඉන්න දවසම බලන් හිටියත් ඇති නොවෙන රූපෙ ඇතුළෙ ගිලිලා.... ඇත්තටම ටේහ්යුන්ට එයා ඔෆිස් එකේදි පෙන්නගෙන ඉන්න හිනාවක් නැති සීතල ආඩම්බරකාර මූණ මවා ගන්න ඕනා වුණත් එහෙම කරන්න බැරි වුණා.....
ගත වුණ මාස තුනම ජන්කුක් හවසට වැඩ කරන්න යන කැෆේ එක දිහා ජන්කුක්ට නොදැනෙන්න බලන් ඉඳලා ජන්කුක් යන යන තැන්වල එයාට ඉඩ තියෙන වෙලාවට එයා ගිහිල්ලා අනෙක් වෙලාවට ගාඩ්ස්ලා දාලා ජන්කුක්ව පරිස්සම් කරලා මේ වෙද්දි ටේහ්යුන් හිටියෙ ජන්කුක්ට ඇබ්බැහි වෙලා....
ඉතින් ටේහ්යුන්ට අමතක වෙලා එයා ඒ දේවල් කළාට ඒවා ජන්කුක් දන්නෙ නෑ කියලා....
ජන්කුක් හිටගෙන හිටියෙ ටේහ්යුන්ගෙ කාර්යාල කාමරේ වීදුරු බිත්තියට පිටුපාලා නිසා ඉර එළිය වැටිලා ජන්කුක් දිලිසිලා පෙණුනා....සුදු පාට කමිසෙ යන්තමට විනිවිද පේන්න අරගෙන නිසා ඒ හීන් ඉණ යන්තමට පෙනෙද්දි ටේහ්යුන්ට අදත් ජන්කුක් ව ඒ ඉණ වටේ අත දාලා ළඟට ඇදලා ගන්න හිතුණා....ජන්කුක්ගෙ කළු පාට බැම්බි ඇස් දෙක,පුංචි නහය,විටින් විට එකට තද වෙන රෝස පාට තොල් දෙක....ටේහ්යුන්ට ඇත්තට ම විශ්වාස කරන්න අමාරු වුණා ජන්කුක් කියන්නෙ මනුස්සයෙක් කියලා...
Jeon Jungkook
20 year old
Racing Car designerඑයා ජීවිත කාලෙ දැක්ක හැම ගෑණු ළමයෙක්ට ම වඩා ජන්කුක් ගොඩක් ලස්සන වුණා....ඒ ලස්සන අතරෙම හැංගුණ කඩවසම් බවකුත් තිබුණ නිසා ජන්කුක් තවත් ආකර්ෂණීය වුණා....අවසානෙ ජියෝන් ජන්කුක් කියන පුංචි කොල්ලා කිම් ටේහ්යුන්ගෙ ගල් හිත හොල්ලන්න තරම් ටේහ්යුන්ගෙ ඇස්වලට ලස්සනට, අහිංසකව, ආදරණීයව, හුරතල් ව පෙනිලා තිබුණා...