CHAPTER 02

839 105 46
                                        


උදේ හයට විතර ජිමින්ගෙ කාමරේ දොර හෙමින් ඇරුණත් ඇතුළෙන් කිසිම සද්දයක් ආවෙ නැති නිසා දොර ඇරිය ටේහ්‍යුන් කාමරේ ඇතුළට ම ඇවිදගෙන ආවා.....අවුල්වෙලා තිබුණ ඇඳ ඇතිරිලි අතරෙ ජිමින් ඇඟේ කිසිම ඇඳුමක් නැතිව ඔහේ වැටිලා හිටියා.... පිම්බුණ රෝස පාට කම්මුල් දිගේ ඒ මොහොතෙත් කඳුලක් බේරෙම්න් තිබුණා....

පපුව පුරාම හැපුම් පාරවල් දම් පාටට හැරිලා තියෙද්දි ටේහ්‍යුන්ට කාලෙකට ඉස්සර ජිමින් තමන් ඉන්න තැන ඇඳුම් මාරු කරන්න ලැජ්ජ නිසා ටේහ්‍යුන් එයාලගෙ බෝඩිම් කාමරෙන් එළියට ගිහින් දොර වහගෙන හිටිය හැටි මතක් වෙලා දුක හිතුණා....

තවමත් ඇඳ රෙද්ද එක්ක ගුළිවෙලා තියෙන ජිමින්ගෙ පුංචි අත පරිස්සමට තමන්ගෙ අත්දෙකට ගත්ත ටේහ්‍යුන් ඒ අතේ පිටි අල්ලට දැනෙන නොදැනෙන තරමෙ සියුම්වට පුංචි හාදදක් දුන්නා....

පැලිලා තුවාල වෙලා තියෙන පිම්බුණු රෝස තොල්,ඇස් පියවිලා තිබුණත් වේදනාවක් ඇඳිලා තියෙන කාලෙකට කලින් හුරතල් හිනාවකින් පිරිලා තිබුණ ඒ ලස්සන මූණ දිහා ටේහ්‍යුන්ගෙ කළු ඉරි වැටුණ දුඹුරු පාට ඇස් බලාගෙන හිටියෙ කියාගන්න බැරි වේදනාවකින් මිරිකෙන ගමන්....

"ච්සොහොම්මිනිදා ජිමිනී....පුළුවන් නම් ඔයාගෙ පව්කාර යාළුවට සමාව දෙන්න...."

හෙමින් මිමණුව ටේහ්‍යුන් බිම වැටිලා තිබුණ ලේවලට පෙඟිලා රතු පාට වෙලා තිබුණ පොරවනයක් ජිමින්ගෙ ඇඟ වැහෙන්න දාලා බිම බලාගෙන ම  කාමරෙන් එළියට ගියේ දොර වහගෙන.....

" ජිමින් ඇහැරුණාම බලන්න කියලා මේඩ් කෙනෙක්ට කියලා තියන්න හෙසෝක්.. මම ලෑස්ති වෙලා එනවා... වාහනේ ලෑස්ති කරලා තියන්න..."

හෙසෝක් දොර ළඟ ඉඳන් ඇතුළ බලාගෙන ඉඳලා තමන් එද්දි බිම බලාගත්තා කියලා ටේහ්‍යුන් දැක්කත් ඒක නොදැක්ක ගානට හෙසෝක්ට කියලා දැම්ම ටේහ්‍යුන් පඩිපෙළ බැහැගෙන ගියේ හෙසෝක් ටේහ්‍යුන්ට ආචාර කරද්දි....

.
.
.
.
.
.
.
.
.
.
.
.

සෝල් නගරයේ තිබුණ අංක එකේ විශ්ව විද්‍යාලය වුණ Soul National University එක පුරාම නිල් පාට සුදු පාට කොඩි ලෙල දෙමින් තියෙද්දි ප්‍රධාන දේශන ශාලාව සම්පූර්ණයෙන්ම පාහේ සුදු පාට රෝස මල් වලින් සරසලා තිබුණා.... විශ්වවිද්‍යාලයෙන් ගෞරවයක් විදියට පිරිනමන නිල් පැහැති ලාංඡනයක් සහිත සුදු පැහැති කබා හැඳගත් තරුණ තරුණියෝ කලබලෙන් වගේම මහත් උද්යෝගයෙන් ඒ මේ අත දුවමින් හිටියා....

The Hell HighwayWhere stories live. Discover now