යුංගි තමන්ගෙ අතේ තිබුණ පත්තු වෙලා ම ඉවර වෙලා තිබුණ සිගරට් එකේ ෆිල්ටර් එක ඈශ් ට්‍රේ එකට දාලා අතේ තිබුණ බියර් කෑන් එකත් පුටුව ළඟ බිමින් තියලා බැල්කනි එකේ තිබුණ පුටුවෙන් නැඟිට්ටෙ නිදා ගන්න යන්න හිතාගෙන.....
රෑ තරමකට සීතල වුණත් යුංගි බැල්කනි එකේ හිටියෙ ශර්ට් එක නැතිව....ලොක් පොකට් දෙකක් තිබුණ කළු පාට කලවා වලින් බාගයක්වත් වැහෙන්නෙ නැති විදිහෙ ශෝට් එකක් විතරක් ඇඳගෙන හිටිය යුංගිගෙ කකුල් දෙකේ කළු පාට ස්ලිපර්ස් දෙකක් තිබුණා....ඒත් යුංගිට ලොකු සීතලක් දැනුණෙ නැහැ..... අවුරුදු දොළහක් විතර වුණ යුංගිට දුන්න වෙලාව ඇතුළත හීලෑ කර ගන්න බැරි වුණ චීටා කෙනෙක්ට ශූට් කරන්න කියලා අප්පට බෑ කිව්ව වැරැද්දට වින්ටර් එකට ඔන්න මෙන්න තියලා රෑ එළි වෙකල් අන්ඩර්වෙයා එක විතරක් පිටින් සතියක් වතුරෙ බැහැලා හාටාය යුංගිට දැන් විසි හතකට කිට්ටු වෙලා ශර්ට් එක නැතිව බැල්කනි එකේ ඉන්න බැරි තරම් සීතලක් එන එකක් නැහැ...මොකද යුංගි කාලයත් එක්ක ගොඩක් සීතල චරිතයක් වෙලා.... එයාට ආයෙ අමුතුවෙන් සීතලක් දැනෙන එකක් නැහැ කියලා යුංගි විශ්වාස කළා...
බැල්කනි එකේ දොරෙන් ඇතුළට යන්න හදලත් යුංගි බිමට බර වෙලා තිබුණ ඔලුව උස්සලා බැලුවෙ දැන් පැය තුනක් විතර තිස්සෙ ලයිට්ස් ඕෆ් කරලා තිබුණ ජිමින්ගෙ කාමරේ ලයිට්ස් දාලා තියෙනවා පෙනුණ නිසා....
ජිමින් රෑ මැද ඇහැරෙන්නෙ නැහැ.... බෙහෙත් නිසා කොහොමත් එයාට නින්ද යනවා...ඒක අමුතුයි....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.උදේ ජන්කුක්ව ඔම්මා බලන්න එක්කරගෙන ගිහින් පස්සෙ ජන්කුක්ගෙ මූඩ් එක හදන්න හිතාගෙන එයා සෝල්වල ඕපනේජ් එකකට කරන ඇනුවල් ඩොනේශන් එකකට ජන්කුක්වත් එක්කගෙන ගිය ටේහ්‍යුන් මැන්ශන් එකට ආවෙ හවස් වෙලා....ජන්කුක් සෙමෙට්රි එකොන් ආව වෙලාවෙ ඉඳලා ඔලුව රිදෙනවා කියාගෙන හිටිය නිසා වගේ ම ජන්කුක්ගෙ ගෙදර ළඟට යද්දි ජන්කුක්ට හොඳට ම නින්ද ගිහින් තිබුණ නිසා ටේහ්‍යුන් එයාව ගෙදර නොයවා මැන්ශන් එකට අරගෙන ආවා...
මඟ දිගට ටේහ්‍යුන් තනි අතින් වාහනේ ගෙනියන ගමන් අනිත් අතින් ජන්කුක්ගෙ ඔලුව මසාජ් කර කර ඇවිත් වාහනේ නතර කරලා එයා බැහැලා ගිහින් ජන්කුක්ගෙ පැත්තෙන් දොර ඇරලා ජන්කුක්ව උස්සලා ගත්තෙ නින්දෙන් ඇහැරුණ ජන්කුක්ගෙ ලිප්ස් පෙක් කරලා ආයෙ නිදා ගන්න කියන ගමන්....
