CHAPTER 39

424 63 113
                                    


නින්දෙන් ජන්කුක් ඇඹරෙනවා දැනිලා ඇහැරුණ ටේහ්‍යුන් තව තව තමන්ට තුරුල් වෙවී තොල් උල් කරගෙන නිදාගෙන ඉන්න ජන්කුක් දැක්කා ම ටේහ්‍යුන්ගෙ මූණෙ ලස්සන හිනාවක් ඇඳුණා..... ජන්කුක්ගෙ මූණට වැටිලා තියෙන කොණ්ඩෙ අතින් පස්සට කරලා නළලට දැනෙන නොදැනෙන ගානට හාදුවක් දීලා ටේහ්‍යුන් බෙඩ් සයිඩ් ටේබල් එක උඩ තිබුණ ඔරලෝසුවෙන් වෙලාව බලද්දි වෙලාව අටට කිට්ටු නිසා තමන් ඔලුව තියන් හිටිය කොට්ටෙ ජන්කුක්ට තුරුල් කරලා ඇඳෙන් බැස්ස ටේහ්‍යුන් ඇඳ ළඟ තිබුණ ශෝට් එක ඇඳගෙන බිම වැටිලා තිබුණ ඇඳුම් ටික ගෙනිහින් සෝදන ඇඳුම් දාන බින් එකට දාලා වොශ්රූම් එකට ගියේ නාගන්න හිතාගෙන....

"ස්ස්..."
පිට දිගේ වතුර බේරෙද්දි දැවිල්ල නිසා කණ්ණාඩියෙන් බැලුව ටේහ්‍යුන්ගෙ මූණ බෙල්ල පිටිපස්සෙ වැදිලා තියෙන නියපොතු පාරවල් දැකලා අඳුරු වුණා....

"මං මගෙ මලට එච්චර රිද්දලාද?"
දැවිල්ල ගණන් ගන්නෙ නැතිව නාලා තද දුඹුරු පාට ශෝටකට බෙල්ලටම හිප්පෙන කරක් තියෙන ක්‍රීම් පාට ටී ශර්ට් එකක් දාගෙන පහළට ගිය ටේහ්‍යුන්ට දැක්කෙ කලබලේ දොර පැත්තට දුවන හෙසෝක්ව....

"හ්‍යුන්.... කොහෙහරි යන්නද?"
ටේහ්‍යුන් අහද්දි හෙසෝක් නතර වෙලා හිනා වුණා....

"ආආ...ඔව් ටේහ්‍යුනා....උඹ හවස ගෙදර ඉන්නවද? මට උඹටයි යුංගිටයි කියන්න දෙයක් තියෙනවා..."

"ම්ම්....මම ඉන්නවා හ්‍යුන්...මම යුංගි හ්‍යුන්ටත් ඉන්න කියන්නම්....ඒත්....හ්‍යුන් ඔයා ප්‍රශ්නෙකද? නිදි මැරුවද?"

ටේහ්‍යුන් අහද්දි හෙසෝක් ඇහිබැමක් කසන ගමන් හිනා වුණා....

"මම හවසට කියන්නම්.... හදිස්සියක් නෙවෙයි... හැමදේම හොඳින්...මම එද්දි හවස් වෙයි...."
ටේහ්‍යුන් හා කියන්න ඔලුව වැනුවා ම හෙසෝක් කා එකේ යතුර අතට අරගෙන යන්න ගියේ ටේහ්‍යුන් කුස්සිය පැත්තට යද්දි....

ඒප්‍රන් එක දාගෙන ටික වෙලාවක් කල්පනා කරලා ටේහ්‍යුන් බ්‍රෙක්ෆස්ට් හදන්න පටන් ගත්තා....

.
.
.
.
.
.
.
.
.
.
.

"ඔයා රූම් එකේ නොවෙයිද හිටියෙ හ්‍යුන්? මම හිතුවෙ නිදි ඇති කියලා..."
දොරෙන් ඇතුළට එන යුංගිව දැකලා අත් දෙකට ට්‍රේ දෙකක් අරගෙන පඩිපෙළ නඟින ගමන් හිටිය ටේහ්‍යුන් ඇහුවාම යුංගි යන්තමට හිනා වුණා...

The Hell HighwayWhere stories live. Discover now