Two years later"ජන්කුක් කොහෙද ජිනී?"
"දැන් නම් නිදි ජූන්....එයාපෝට් එකේදිම ඔලුව කැරකෙනවා කියලා ෆේන්ට් වුණා ම මං බයවුණා...ඒත් උණ නම් නැහැ..දැන් නිදි..."
ජින් ඇඟ සෝදගෙන ආව නම්ජුන්ට උත්තර දෙන ගමන් එයා හැදුව ඩාක් කොෆී දෙකෙන් එකක් නම්ජුන්ගෙ අතට දුන්නා....
"කෝ එන්න..."
නම්ජුන් සෝෆා එකෙන් වාඩිවෙලා කකුලට තට්ටුවක් දැම්මා ම ජින් ගිහින් නම්ජුන්ගෙ උකුළෙන් වාඩිවෙලා ශර්ට් එකක් ඇඳලා නැති නිසා තවම සීතලට දැනෙන නම්ජුන්ගෙ පපුවට තුරුල් වුණා...
"මියානේ ජිනී...මම ඔයා අකමැති රස්සාවක් කරලා ඔයා එපා කියද්දි ජන්කුක්වත් ඒවට පටලගෙන ඔයාගෙ සැනසීම නැති කරලා දැම්මා මම..."
"හ්ම්....වෙන්න තිබ්බ දේවල් වෙන්නැති ජූන්....අපි ඒවා අමතක කරලා ඉමු.... වටේ සිද්ධ වුණ දේවල් අල්ලගෙන රණ්ඩු කරලා ඔයා එක්කත් තරහ වෙන්න බෑ...මට මහන්සියි ජූන්.."
ජින් නම්ජුන්ගෙ උරහිසට ඔලුව තියාගෙන ම කියලා කොෆී එකට පිඹිද්දී නම්ජුන් සද්දයක් නැති ව ජින්ව තුරුල් කරගෙන හිටියා....
.
.
.
..
.
.
.
.
.
.
.ජන්කුක් හිටියෙ ඇඳ මිට්ටමට හේත්තු වෙලා ජනේලෙන් පේන හිස් අහස දිහා බලාගෙන....
ජන්කුක්ගෙ ඇස්වල තවමත් කඳුළු වේලිලා තිබුණෙ නැහැ වගේම ජින් දීපු සේලයින් එකත් තව බාගෙකට වඩා ඉතිරි වෙලා තිබුණා....
ජන්කුක් ටේහ්යුන් එනකල් කිය කයි බලන් හිටිය කාලෙ නම්ජුන් කෝල්ස් අරගෙන ටේහ්යුන් ගැන ජැක්සන් එක්ක කතා කරපු දේවල් නිසා ජන්කුක්ට අමතක කරන්න හදපු දේවල් එකින් එක පැහැදිලි වෙද්දි ජන්කුක්ට තේරුම් ගියා එයා මොන තරම් බලන් හිටියත් ටේහ්යුන් එයා හිතන ඉක්මනට එන්නෙ නැහැ කියලා....ජන්කුක්ට තේරුණා ටේහ්යුන් හිරේ ඉන්නෙ කියලා...ජන්කුක් සෝල් යන්න ඕනෙ කිව්වා ම ජන්කුක්ගෙ ඩොක්ටර් ඒකට පර්මිශන් දුන්නා....
ඇත්තටම ජන්කුක් හිතුවට නම්ජුන් කියපු දේවල් තමන්ට ඇහුණෙ වැරදීමකින් කියලා නම්ජුන් හිතලාමයි ඒ විදියට ජන්කුක්ට ඇහෙන්න කතා කළේ....ජන්කුක් අසිහියෙන් බොරු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා බලන්න බැරි තැන ජින් ගත්ත තීරණේ අඬන්න හරි ජන්කුක්ට ඇත්ත තේරුම් කරවන එක....