"මෝනින් ටේහ්යුන්ගී...."
ජන්කුක් පඩිපෙළ බැහැගෙන ඇවිත් පඩිපෙළ ළඟ හිටගෙන ඉන්න ටේහ්යුන්ගෙ පිටට හේත්තු වෙලා හෙමිහිට කියලා ජිමින් ගවුම අන්දද්දී පාට පාට හෙයා ක්ලිප්ස් තෝරන හේසූ එක්ක හිනාවුණා...."මෝලිල් තූ පපා....ඔවා නෝති බෝයි...ගුත් බෝයිලා පාන්දල ලැඟිතිලවා..."
හේසූ හුරතලේට කියාගෙන යද්දි ජන්කුක් ගිහින් හේසූ ළඟින් වාඩිවුණා..." ම්ම්..පපා නෝටී ද දැන් ඉතින්?"
"යෙප්...යුන්දි අප්පා තමයි ගුත්.... බබාව වොත් කළේ අප්පා...බබා සූඳයි මේ!"
හේසූ බඩට අත් දෙක තියාගෙන ඇඟිලි තුඩුවලින් ඉස්සිලා ජන්කුක්ට කියද්දි ජන්කුක් කෙල්ලගෙ පුංචි බඩට නහයෙන් කිති කවලා හාද්දක් දුන්නා...
"සූඳයි සූඳයි අපෙ මැණික....අප්පා එක්ක යාළුවො බලන්න යද්දි මේක යාළුවොන්ට දෙන්න හොඳද?"
ජන්කුක් ඊයෙ එයා අරන් ආව චොක්ලට් බෑග් එක අතට දුන්නා ම කෙල්ලට ලොකු හිනාවක් ගියා..."ම්ම්...හරි..."
ජිමින් හේසූගෙ කොණ්ඩෙ දාලා පැත්තකට වුණා ම යුංගි කෙල්ලව වඩා ගත්තා..."හ්යුන් දරුවගෙ ඇඳුම් ටික?"
ටේහ්යුන් අහද්දි යුංගි පෙන්නුවෙ දොරෙන් පේන කා එකට ලගේජ් එකක් දාන හෙසෝක් ව...."පරිස්සමට ගිහින් එන්න හ්යුන්..."
ජන්කුක් හේසූට අත වනලා හෙසෝක්ව හග් කළා... හෙසෝක් ජිමින්ටත් යන්නම් කියලා ටේටයි යුංගියි යන්තමට ආචාර කරද්දී යුංගි හෙසෝක්ගෙ උරහිසට තට්ටුවක් දැම්මා....
උදේ ඉදලා ම හෙසෝක්ට ඒ අමුත්ත දැනුණා...හරියට හුස්ම හිර වෙලා වගේ....මේ ගෙවෙන හැම තත්පරේකට ම එයාලා දෙනවට වඩා වටිනකමක් තියෙනවා වගේ... කියාගන්න බැරි අමුතු මූසල කමක් එක්ක පැටලුණ හැඟීමක් ඒක....හෙසෝක් දන්නෙ නෑ අනිත් අයටත් එහෙමද කියලා.... ඒත්...හෙසෝක්ට උදේ ඉදලා කියාගන්න බැරි නොසන්සුන් කමක් දැනුණා...
.
.
.
.
.
.
.
.
.
.
.