නින්ද ගිහින් හිටි ජන්කුක් ගැස්සිලා ඇහැරුණේ කන ලඟම වැදුණ එලාම් එකට....
ජිමින්ගෙ සේලයින් බොට්ල් එක මාරු කරලා ඒකට බෙහෙත් එක ඉන්ජෙක්ට් කරන්න තියෙන්නෙ දෙකට වුණත් ජන්කුක් දෙකට දහයක් තියලා තිබ්බ එලාම් එකට ඇහැරුණා....
ඇන්දක් නැති පුංචි බංකුවෙ වාඩිවෙලා ජිමින්ගෙ ඇඳට ඔලුව තියාගෙන ඉඳලා රිදෙන කොන්දටත් අත තියාගෙන ෆෝන් එක අතට ගත්ත ජන්කුක් මුලින් ම බැලුවෙ එයාගෙ ටේහ්‍යුන්ගි කෝල් කරලා ද කියලා...එක ම මැසේජ් එකක්වත් කෝල් එකක්වත් නැති වෙද්දි ජන්කුක්ගෙ නළල රැළි වුණා....රෑ වෙලා නිසා හොස්පිට්ල් එකේ සද්දත් නෑ....ටිකක් සීතලයිත් එක්ක.... ජන්කුක්ට මතක් වුණේ හවස හෙසෝක් ජිමින් ළඟ අද රෑට විතරක් පුළුවන් නම් ඉන්න කියලා බැගෑපත් වුණ විදිහ මතක් වෙලා....
මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වෙන්න ඕනෙ....යුංගි හ්‍යුන් හිටියෙත් අවුලෙන්...කේන්තියෙන් නෙවෙයි.... අඬන්න වගේද? එයාට අඬන්න පුළුවන් ද? මං ටේහ්‍යුන්ගිව ඊයෙ රෑ දැක්කට පස්සෙ දැක්කෙ නෑ....එයාලා හොඳින් ද?
ජනේලෙ ඇරලා පහළින් පේන ලයිට්ස් දාගෙන යන වාහන එක දෙකක් පේන සෝල් ටවුන් එක දිහා බලාගෙන කල්පනා කරපු ජන්කුක් ගිහින් ජිමින්ගෙ සේලයින් එක මාරු කරලා බෙහෙත් එක සේලයින් එකට මික්ස් කළා....
ජිමින්ගෙ ඇස් පියවිලා තිබුණ මූණෙ අමිහිරි වේදනාවක් ඇඳිලා තිබුණා.... හරියට නින්දෙන්වත් ඒ හිතට කිසි සැනසීමක් නැහැ වගේ....
ජන්කුක් ඇඳ කෙළවරෙන් වාඩිවෙලා ජිමින්ගෙ කහ පාටට හුරු සුදු පාට කොණ්ඩෙ අතරින් හෙමිහිට ඇඟිලි යැව්වා...
ජන්කුක් ජිමින්ව හදිස්සියෙන් දැක්කත් තරමක් දුරට ජිමින් මොනවගේ කෙනෙක් ද කියලා ජන්කුක් තේරුම් අරගෙන තිබුණා....අඳින පලඳින විදියෙන් ජන්කුක්ට මුල ඉඳලා ම හිතුණෙ ජිමින් කියන්නෙ යුංගි ක්ලබ් එකකින් සල්ලි වලට ගත්ත කොල්ලෙක් කියලා....ඒත් ටේහ්‍යුන් ජිමින්ට සලකන විදිහ නිසා ජන්කුක් අනුමාන කළා ජිමින් මුලින් ඉඳලා ටේහ්‍යුන්ගෙ යාළුවෙක් වෙන්න ඇති දැන් යුංගිගෙ බෝයි ෆ්‍රෙන්ඩ් වෙන්න ඕන කියලා..... ඒත් ජන්කුක් දැනගෙන හිටියා ජිමින් අහිංසක කෙනෙක් කියලා.....