ජන්කුක් ටේහ්යුන් ළඟ වැඩට ඇවිත් අදට සතියක්.... පහුගිය ටිකේ ම ටේහ්යුන් එයාට මතක් වෆන මතක් වෙන සැරේට ජන්කුක්ට අඩුපාඩු හදන්න දීපු කලින් ප්රතික්ෂේප වුණ ටේහ්යුන්ට හිත ගිය එක එක ඩිසයින් ෆයිල් කන්දක් තමන්ගෙ මේසෙ උඩ තියාගෙන උදේ අටේ ඉඳලා චෙක් කර කර හිටිය ජන්කුක්ට දැනුණෙ කොන්ද කැඩිලා වගේ....උදේ ඉඳලා කෑමට විනාඩි පහළොවක් ගත්තා ඇර ජන්කුක් වෙන කිසි දේකට පුටුවෙන් නැඟිට්ටෙ නෑ.....
මෙතන ජන්කුක්ට යාළුවො නැහැ... ජන්කුක්ගෙ මේසෙ තිබුණෙ ටේහ්යුන්ගෙ කාර්යාල කාමරේ ම වීදුරුවලින් වෙන් කරපු කාමරේක නිසා ජන්කුක් උදේ ඇතුළට ආවාම දවසට ම දකින්නෙ එයාගෙ පුටුවෙ වාඩිවෙලා දවසම එක එක වැඩ කරන ටේහ්යුන්වත් ටේහ්යුන්ගෙ පෞද්ගලික ලේකම් කියලා බාගෙට ඇඳගෙන වැඩට එන උඩැක්කියක් වගේ කෙල්ලෙකුත් විතරයි....ජන්කුක් දන්නෙ නෑ එයාගෙ නම...ජන්කුක්ට දැන ගන්න උවමනාවක් තිබුණෙත් නෑ...යද්දි එද්දි කතා කරලා ජන්කුක් යන්තමට හරි හිතවත් වෙලා හිටියෙ හෙසෝක් එක්ක විතරයි...ඒකත් එහෙමට ලොකු යාළුකමක් නෙවෙයි ඉතින්...
ඉස්සර ජන්කුක් කියන්නෙ එක විනාඩි පහක් එක විදියක ඉන්න බැරි, හැමතිස්සෙම කියවන,ළඟ ඉන්න බල්ලෙක් හරි අල්ලගෙන ඌ වල්ගෙ වනන තාලෙට පැද්දිලා ඌව අවුස්සගෙන හරි නිදහසේ හිටිය චරිතයක්....ඒත් දැන් ගොඩක් අය දන්න ජන්කුක් කියන්නෙ යන්තමට හිනාවෙලා අත්යාවශ්ය ම දෙයකට වචනෙකින් දෙකකින් උත්තර දීලා නිහඬව ඉන්න චරිතයක්....ඒ වෙනස තේරුම් ගන්න පුංචි ජන්කුක්වයි දැන් ජන්කුක්වයි දෙන්නව ම දන්න කෙනෙක් කියලා ජන්කුක්ට හිටියෙ ජින් විතරයි....අනිත් ගොඩක් අය හිතුවෙ ජන්කුක් කියන්නෙ ස්වභාවයෙන් ම නිහඬ කෙනෙක් කියලයි....
කිසිම කෙනෙක් දැක්කෙ නෑ ජන්කුක් කියන්නෙ දුර්වල වෙලා පෙති හැලෙන්න කිට්ටු වුණ මලක් කියලා.... කවුරුත් අඳුර ගත්තෙ නෑ ජන්කුක් නිහඬ වෙලා ඉන්නෙ කියන්න දේවල් නැතිව නෙවෙයි කියන දේවල් අහගෙන ඉන්න කෙනෙක් නැති නිසා කියලා.....
"හාආආහ්....ඉවරයි..."
ජන්කුක් ලොක් හුස්මක් හෙළලා අවසාන ෆයිල් එකත් වහලා පැත්තකින් තියලා අත් දෙක එකට පටලවලා උඩට ඇදලා ඇඟමැලි කඩන ගමන් පුටුවෙන් නැඟිට්ටා....අතේ බැඳලා තිබුණ පුංචි කළු පාට අත් ඔරලෝසුවෙ වෙලාව හවස හතයි විනාඩි ගානකට සටහන් වෙලා තියෙද්දී කලබලෙන් ටේහ්යුන්ගෙ මේසෙ දිහා බලද්දි ජන්කුක් දැක්කා ටේහ්යුන් ටැබ් එකට ඔලුව ඔබාගෙන බර වැඩක කියලා....