CHAPTER 33

437 67 35
                                        


හවස ජන්කුක්ව තුරුල් කරගෙන ඉදලා නින්ද ගිහින් රෑ නවයට විතර ගැස්සිලා ඇහැරුණ ටේහ්‍යුන් හෙසෝක් කෝල් අරගෙන ඇති කියල හිතන් ෆෝන් එක ගත්තත් එක කෝල් එකක්වත් නැති නිසා ටේහ්‍යුන්ගෙ නළල රැළි වුණා.... සාමාන්‍යයෙන් හෙසෝක් එයාලා පරක්කු වුණාම කෝල් කරනවා....ටේහ්‍යුන් ගිහිල්ලම බලන්න හිතාගෙන හෙසෝක්ට දැන් එනවා කියලා මැසේජ් එකක් දාලා ජන්කුක්ට තට්ටු කරලා බැලුවෙ ඇහැරෙනවද කියලා...

"කූ බබා....ඔයා නිදිද? අපි යන්න ඕන බබා....කූ බබා... කෝ....දැන් ඇති නැඟිටින්නකෝ..."

ටේහ්‍යුන් ජන්කුක්ට යන්තමට කිතිකවන ගමන් කම්මුලට තට්ටු කළත් ජන්කුක් කළේ ඇස් පියාගෙනම හීනෙන් කෙඳිරි ගගා ටේහ්‍යුන්ට තුරුල් වෙන එක විතරයි....

"හ්ම්....දැන් ඇහැරුණාම කෑ ගහමුකො බලන්න බඩ දැවිල්ලයි කියලා...දෙනවා දෙකක් මම...."

ජන්කුක්ගෙ අතට තට්ටුවක් දාන ගමන් කිව්ව ටේහ්‍යුන් ඇඳෙන් බැහැලා ගිහින් එළියෙ ඉන්න ගාඩ් කෙනෙක්ට වාහනේ ලෑස්ති කරන්න කියලා ඇවිත් ගලවලා තිබුණ ජන්කුක්ගෙ සපත්තු මේස් දාලා එයාගෙ බ්ලෙසර් එක දාගෙන ජන්කුක්ගෙ බ්ලෙසර් එක එක අතක පටල ගත්තා....ඊට පස්සෙ තවමත් නින්දෙ ඉන්න ජන්කුක්ව හරහට උස්සලා අත් දෙකට අරගෙන ආව ටේහ්‍යුන් ලිෆ්ට් එක පැත්තට ගියේ ගාඩ්ස්ලා ඒ පස්සෙන් එද්දි....

.
.
.
.
.
.
.
.
.
.
.
.

"ඔයා ෆයිල් එක ගෙනාවද හ්‍යුන්?"

කිචන් එකේ මොකක් හරි වැඩක ඉන්න යුංගිව දැකලා ඇහුව ටේහ්‍යුන් එයාගෙ අතේ තිබුණ දෙහි වීදුරුවෙ ඉතිරි ටික එයා බීලා වීදුරුව හෝදන ගමන් අහද්දි තමයි දැක්කෙ යුංගි මොකද කරන්නෙ කියලා.... සාමාන්‍යයෙන් තේහ්‍යුන්ගෙ මැන්ශන් එකට ගිහින් ආවත් හය වෙද්දි නිදා ගන්න මින් යුංගි ඩේගු ගිහින් ඇවිත් රෑ දහයත් පහුවෙලා තියෙද්දි චීස් පැස්ටා හදනවා....

ටේහ්‍යුන් හිතාගෙන හිටියෙ යුංගිට ඔම්ලට් එකක්වත් දාගන්න බැහැ කියලා නිසා ටේහ්‍යුන් ටිකක් විතර පුදුම වුණත් පස්සෙ තමයි දැක්කෙ කෑම හදනවට වඩා අහක ගිහින් තියෙද්දි ගිය සතියෙ ගත්ත යුංගිගෙ අළුත්ම ෆෝන් එකේ ස්ක්‍රීන් එක පුරා ම තෙල් ගෑවිලා තියෙන විදිහ....

The Hell HighwayWhere stories live. Discover now