"ම්ම්හ්....ආහ්....ඔම්මාහ්...ඔලුව..."කෙඳිරි ගාගෙන රෑ මැද්දෙ ඇහැරුණ ටේහ්යුන් මූණට රස්නෙට දැනෙන නිසා හරියට ඇස් ඇරලා බලද්දී තමයි දැක්කෙ එයා ඉන්නෙ එයාගෙ කූ බබාගෙ බඩට මූණ තද කරගෙන කියලා....චුට්ටක් ඈත් වෙලා බැලුවාම කිසිම කැළලක් නැති ජන්කුක්ගෙ කිරි සුදුපාට හමේ එයාගෙ කොණ්ඩෙ හිටලා එක එක අතට ඉරි ඇඳිලා කියලා... ටේහ්යුන්ට ලෝබ හිතුණා එයා එයාගෙ මලව චප්ප වෙන්න ම බදාගෙන නිදාගෙන කියලා තේරුණා ම.... ටේහ්යුන් ජන්කුක්ගෙ බඩේ තැනින් තැන දැනෙන නොදැනෙන ගානට හාදු තියන්න ගත්තා ම ජන්කුක් දැනෙන කිතියට නින්දෙන් එහෙ මෙහෙ ඇඹරුණේ හීනෙන් ඒ චූටි රෝස පාට තොල් උල් කරලා කෙඳිරිගාන ගමන්.... එයාගෙ කූ බබාව කාලෙකින් දැක්කා වගේ දැනුණ නිසා ටේහ්යුන්ට හිත දුන්නෑ ජන්කුක්ට තුරුල් වෙලා නිදා ගන්න....ඒත් ජන්කුක් ඇහැරෙන්න කම්මැලි කරද්දි ටේහ්යුන් නිදාගෙන ඉන්න එයාගෙ මල දිහා බලාගෙන හිනා වෙලා එයා නින්දෙන් උඩට කරලා තිබුණ ජන්කුක්ගෙ ලොකු ලා දම් පාට හූඩි එක පහළට කරලා හදලා ජන්කුක්ගෙ නළලෙන් පුංචි හාද්දක් තිබ්බා....
අනිත් පැත්තෙ තනි සෝෆාව උඩ තිබුණ එයාගෙ ෆෝන් එක අතට අරගෙන බැලුවත් ඒක ඕෆ් නිසා ජන්කුක්ගෙ චූටි ෆෝන් එක අතට ගත්තා ම ටේහ්යුන්ගෙ නළල රැළි වුණේ හෙසෝක් කෝල් විසි අටක් අරගෙන තිබුණ නිසා.. ටේහ්යුන් හෙසෝක්ට කෝල් කරන්නත් හදලා පාන්දර තුන හමාරට නිදි ඇති කියලා හිතලා එයා ජන්කුක් එක්ක ඉන්න බව කියලා මැසේජ් එකක් දැම්මා...ෆෝන් දෙකයි ටේහ්යුන්ගෙ වොච් එකයි සාක්කුවට දාගෙන ටේහ්යුන් සෝෆා එකේ බෙල්ලත් පැත්තට කඩා වැටිලා නිදන් ඉන්න ජන්කුක්ව ඇහැරෙන්නෙ නැති වෙන්න උස්සලා අත් දෙකට අරගෙන පුරුද්දට සෝෆා එකේ ඉඳලා පඩිපෙළ පැත්තට හැරිලා තමන් ඉන්නෙ ජන්කුක්ගෙ ගෙදර කියලා මතක් වෙලා පුංචි ලිවින්ග් රූම් එකට එහා පැත්තෙන් තිබුණ ජන්කුක්ගෙ නිදන කාමරයට ගියා....
.
.
.
.
.
.
.
.
.
.විනාඩි හතළිස් පහක් විතර හොඳට මහ රෑ සීතල වතුරෙන් නාලා ජන්කුක්ගෙ තද නිල් පාට ටවල් එකෙන් ඔලුව පිහ දදා ආව ටේහ්යුන් ජන්කුක්ව තියලා ගිය රූම් එකට එබුණත් ජන්කුක් ඇඳේ නෑ කියලා දැක්කා ම ටේහ්යුන් ගැස්සුණා..... ආයෙත් හැරිලා බැලුවා ම කිචන් එකේ ලයිට්ස් ඔන් වෙලා තියෙනවා දැකලා ටේහ්යුන්ට හිනා ගියා....
