හෙසෝක් දැඩිසත්කාර ඒකකය ඉස්සරහ තිබුණ සිමෙන්ති බංකුවෙ වාඩිවෙලා අත් දෙකේ ඔලුව ඔබාගෙන ඉද්දි ජන්කුක් දොර ඉස්සරහා එහෙ මෙහෙ ඇවිදින ගමන් එයාගෙ ටේහ්යුන්ගි හ්යුන්ට කෝල් කරන්න උත්සාහ කරන ගමන් හිටියා....යුංගිත් බංකුව කෙළවරේ වාඩිවෙලා දොර දිහා බලන් හිටියෙ මත්වෙලා රතුවෙලා තිබුණ ඇස්වලින්....හෙසෝක්ගෙ ඇස්වලින් නැවතිල්ලක් නැතිව කඳුළු වැටෙනවා...ඇතුළෙ ඩොක්ටර්ස්ලා කලබලෙන් එහෙ මෙහෙ යන ඒවා ඇර වෙන කිසිම දෙයක් එළියට පෙනුණෙ නැහැ....
හෙසෝක්ට මතක නෑ එයා මෙතනට ආව විදිහ.....වොශ්රූම් එකේ දොර අරිද්දි සුදුපාට බිත්ති පුරා ලේ විසි වෙලා තියෙද්දි බාගෙට ඇරලා තිබුණ ශවර් එකේ වතුරට දිය වෙලා සුදුපාට ටයිල් සේරම ලා දුඹුරු පාට වෙලා තිබුණ බිම ජිමින් ලේවලට පෙඟිලා වැටිලා ඉන්නවා දැක්කා ම හෙසෝක්ට කර කියාගන්න දෙයක් නැති වුණා.... ජන්කුක්ව තනියම මැන්ශන් එකේ දාලා යන්න බැරි නිසා ඇඳන් හිටි ඇඳුම පිටින් ම ජන්කුක්වත් ඇදගෙන ජිමින්ව අත් දෙකට අරගෙන වාහනේට නැග්ග හෙසෝක් හරියට හුස්ම ගත්තෙ ඩොක්ටර්ස්ලා ඇතුළට ගියාට පස්සෙ.... පැය තුනකට කිට්ටු වෙන්න ගෙවිලත් තවමත් හෙසෝක්ගෙ පපුව එළියට ඇහෙන්න තරම් සද්දෙට ගැහෙනවා....
"ජින් හ්යුන්..."
"ඩොක්ටර්...ඩොක්ටර්....මගෙ...මගෙ ජිමින්?"ජන්කුක්, යුංගි දෙන්නගෙ සද්දෙට ඔලුව ඉස්සුව හෙසෝක් දැක්කෙ වැහුණ දොර ඉස්සරහ හිටගෙන ඉන්න උස, කෙට්ටු කඩවසම් කියනවට වඩා ලස්සනයි කියන්න පුළුවන් තරුණ වෛද්යවරයෙක්....
"ඔහ් කුකී....ඇතුළෙ ඉන්නෙ යාළුවෙක්ද?"
ඒ තරුණයා ජන්කුක් එක්ක හිනාවෙලා යුංගි,හෙසෝක් දෙන්නා දිහාට හැරුණා..."මට ඩොක්ටර් කිම් කියන්න.... එතකොට මේ ඇතුළෙ ඉන්න පේශන්ට්ගෙ..."
ජින් යන්තමට හිනාවෙලා ම අහද්දි හෙසෝක් වෙව්ල වෙව්ල බංකුවෙන් නැඟිට්ටා..."හ්-හ්යුන්....මං එයාගෙ හ්යුන්..."
හෙසෝක් කිව්ව එකට ඔලුව වනලා ජින් යුංගි දිහා බැලුවත් යුංගි බිම බලාගත්තා....ඇත්තටම එයා ජිමින්ගෙ කවුද?
"එ-ඒ මගෙ යාළුවෙක් ඩොක්ටර්.... ම්-මගෙ මල්ලි.... එ-එයා හොඳින් න්-නේද?"
හෙසෝක් අහද්දි ජින් යුංගිගෙන් ඇස් අයින් කරලා හෙසෝක් දිහා බැලුවා....