"මම යන්නම් කූ....පරිස්සමට ඉන්න....හවස කැෆේ එකට යද්දි පරිස්සමට....රෑට තනියම එන්න එපා....මම එන්නම් ඔයාව ගන්න...."
ටේහ්යුන දොර ළඟට ම ඇවිල්ලත් ආයෙමත් හැරිලා ජන්කුක්ට කියද්දි ජන්කුක් හිනාවුණා...."මම හැමදාම ආව එකනෙ හ්යුන්....ඒක ප්රශ්නයක නෑ....ඔයා කරදර වෙන්න එපා..."
ජන්කුක් කියද්දි ටේහ්යුන් ජන්කුක් දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා...."කූ....ම්-මං...."
ටේහ්යුන් එක අතකින් කන අතගාන ගමන් බිම බලාගෙන වගේ කතා කරද්දි ටේහ්යුන්ගෙ මේ විකාර වැඩවලට ජන්කුක්ට හිනා ගියා..."ඔයා....ඉතින් මොකක්ද හ්යුන්?"
ජන්කුක් අහද්දී ටේහ්යුන් ජන්කුක් දිහා බැලුවෙ ඔම්මා එපා කියන බව දැන දැන මොකක් හරි දෙයකට අවසර ඉල්ලන පුංචි එකෙක් වගේ...."මම...ඔයාව තව එක පාරක් බදා ගන්නද?"
ටේහ්යුන් බිම බලාගෙන අහද්දි ජන්කුක්ට හිනා ගියත් ටේහ්යුන් ඒක දැක්කෙ නෑ....
"අ..ආආ.....ඒකට කමක් නෑ....අපි පස්සෙ දව-"
ජන්කුක්ගෙ සද්දයක් නැති නිසා බිම බලාගෙන ම යන්න හැරුණ ටේහ්යුන්ගෙ හීන් දිග ඇස් දෙක බෝල වෙලා ගියේ ජන්කුක් එයාගෙ බඳ වටේ අත් දෙක දාලා පපුවට තුරුල් වුණ නිසා.....
ටික වෙලාවක් පුදුම වෙලා අත් දෙකත් උඩට උස්සගෙන බලාගෙන හිටිය ටේහ්යුන් ජන්කුක්ගෙ උරහිස් වටෙන් එක අතකුත් අනිත් අත ජන්කුක්ගෙ හීන් ඉණ වටෙත් දාලා ජන්කුක්ව තව ටිකක් එයාට තුරුල් කරගෙන මොහොතකට ඇස් පියා ගත්තා.....
ජන්කුක් ළඟින් එන පුංචි දරුවන්ගෙ සුවඳ එක්ක මිශ්ර වුණ බනානා මිල්ක් සුවඳ නිසා ටේහ්යුනට ජන්කුක්ව පෙනුණෙ ම පුංචි එකෙක් වගේ.... පළවෙනි වතාවට ජන්කුක් ව දැක්ක වෙලාවෙ වගේ ම ටේහ්යුන්ට අදත් දැනුණා ජන්කුක් ව හීරෙන්නවත් නොදී පරෙස්සම් කරන්න ඕනෙ කියලා....
ඇස් පියාගෙන වෙනම ලෝකෙක අතරමං වෙලා හිටිය ටේහ්යුන් ගැස්සිලා හරි සිහියට ආවෙ ජන්කුක් තමන්ගෙන් ඈත් වෙන්න හදන බව දැනිලා...ජන්කුක් ව තමන්ගෙන් ඈත් කරලා ටේහ්යුන් ජන්කුක් එක්ක ලස්සනට හිනා වුණා....
![](https://img.wattpad.com/cover/343582625-288-k423608.jpg)